ඊරෝස් පෘථිවිය අසලින් යයි
Published : 11:31 am February 14, 2012 | | No comments so far |
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ, විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා ග්රහකය පසුගියදා පෘථිවිය අසලින්ම ගමන් කළා. බය වෙන්න දෙයක් නැහැ. ග්‍රහකයෙන් පෘථිවියට කිසිදු ආකාරයක අනතුරක් හෝ බලපෑමක් හෝ සිදුවුණේ නැහැ. ඒත් වසර ගණනාවකට පසුවයි මෙතරම් විශාල ග්රහකයක් පෘථිවිය අසලින් ගමන් කළේ. ඒ නිසා තාරකා විද්‍යාඥයන්ට ඒක ඉතා වැදගත් සිදුවීමක් වුණා. මේ ග්රහකය තමයි ‘433 ඊරෝස්’. එහි විශාලත්වය ලන්ඩන් නගරය මෙන් 400 ගුණයක්. එය පෘථිවියට සැතපුම් මිලියන 16.6 ක් සමීප වුණා. මීට කලින් එය පෘථිවිය අසලින් ගමන් කළේ මීට අවුරුදු 37 කට කලින්. ඒ කියන්නේ 1975 වසරේදීයි. මෙය යලිත් පෘථිවිය අසලින් යෑමට නියමිතව ඇත්තේ 2056 වසරේදීයි. ඊරෝස්ට හිරු වටේ භ්රමනය වෙන්න දින 643 ක් ගත වෙනවා. එය සෑම පැය හයකටම සහ මිනිත්තු 16 කටම වතාවක් කැරකෙනවා. ග්රහකය සොයා ගනු ලැබුවේ 1898 දී ජර්මන් තාරකා විද්‍යාඥ ගුස්ටෝව් විට් සහ ප්‍රංශ විද්‍යාඥ ඔගස්ටී විසිනුයි.

ලූසිත ජයමාන්න






