පොත් කියවන අනාගත පරපුරක් උදෙසා ඉහළ කුඩලිගම දරුවන්ට පුස්තකාලයක්
Published : 7:14 am July 10, 2012 | | No comments so far |
ප්‍රදේශවාසී සිසු දරුවන් තුළ පොත්පත් පරිශීලනයට උනන්දුවක් ඇති කොට එමගින් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමු‚න් පුස්තකාල පහසුකම් නොමැති බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ කුඩලිගම ප්‍රදේශයට ප්‍රදේශවාසීන්ගේ කැපවීමෙන් පුස්තකාලයක් ඉදිකොට එය ජනතා අයිතියට පත්කිරීම බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරි‚.
ඉහළ කුඩලිගම ග්‍රාම නිලධාරී ෙජ්.ඒ.ආර්. සුරංග මහතාගේ යෝජනාවක් අනුව මෙම සත්කි‍්‍රයාව මල්පල ගැනු‚. පුස්තකාලයට පොත් ප්‍රදේශවාසීන් පරිත්‍යාග කළ අතර › ලංකා ටෙලිකොම් ආයතනය රුපියල් පනස් දහසක පොත් පරිත්‍යාගයක්ද කළේය. මෙහිදී සණස සංවර්ධන බැංකුව මගින් අඩු ආදායම් ලාභී පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානයක්ද සිදු කළේය.
කුඩලිගම › ක්ෂේත්රාරාමාධිපති දීයකඩුවේ සරණසිරි, ඉහල කුඩලිගම අභිනවාරාමාධිපති තිනියාවල ධම්මානන්ද යන හිමිවරුද බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්තී‍්‍ර සරත් රූපසිංහ, මතුගම සණස සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති කළමණාකාර ඒ.එච්.පී. නන්දනතිලක යන මහත්වරුන්ද ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට එක් විය.


සටහන හා ඡායාරූප
නෑබොඩ ලක්ෂ්මන් විතාන






