ගසක අත්තක එල්ලෙන කූඩාරම

2024 අප්‍රේල් මස 20 ප.ව. 02:55 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂයෝ කූඩාරම් ඉදි කරන්නේ එළිමහනේ භූමිය මතුපිටෙහි කූඤ්ඤ ගසමින්ය. එහෙත් ඊට හාත්පස වෙනස් අපූරැ ක්‍රමයක් බාලදක්ෂ ඔබට හඳුන්වා දීමට කැමැත්තෙමු. එවැනි කූඩාරමක් නිර්මාණය කරන ආකාරය මෙහි දැක්වෙයි.
අවශ්‍ය අමුද්‍රව්‍ය
• ශක්තිමත් ලණු කිහිපයක්.
• තේඩා ලණු කිහිපයක්.
• කොහු ලණු කිහිපයක්.
• බාලදක්ෂ යෂ්ටි 15 ක්.
• ශක්තිමත් උණ බම්බු කිහිපයක්. (එක උණ බම්බුවක් අඩි 
8 ක් විය යුතුය.)
කූඩාරම නිර්මාණය කිරීම
උදා වූ නිවාඩු කාලයේ දී මෙම ක්‍රියාකාරකම අත්හදා බැලිය හැක. එහිදී බාලදක්ෂ ඔබ විසින් ඉහත අමුද්‍රව්‍ය සපයා ගත යුතුය. ඉන් පසු ගෙවත්තේ ඇති ශක්තිමත් ගසක අත්තක් කූඩාරම ඉදිකිරීම ආරම්භ කළ හැක. (උසින් වැඩි අත්තක් තෝරා ගැනීමෙන් වළකින්න.)
ඔබ සතුව ඇති උණ බම්බු සහ යෂ්ටි අතරින් ශක්තිමත්ම දෙකක් තෝරා එය කූඩාරමේ මුදුන් යට ලීයට යෙදිය යුතුය. ඉන් අනතුරැව කූඩාරමේ සැකිල්ල රෑප රාමුවේ දක්වා ඇති පරිදි සකස් කර ගැට ගැසිය යුතුය. යොදා ගත යුතු ගැට වර්ග සහ ඒවා නිර්මාණය කරගන්නා ආකාරය රෑප සටහනේ දක්වා ඇත.
වහලය සෙවිලි කරන්න
කූඩාරමේ වහලයට ඉටි රෙදි කැබැල්ලක්, කූඩ රෙදි ආශ්‍රිතව නිර්මාණය කළ පියැසි රෙද්දක්, කැන්වස් රෙද්දක් යෙදිය හැක. ඒවා සොයා ගත නොහැකි නම් කුඩා අතු කැබලි කිහිපයකින් වහලය සෙවිලි කළ හැක. 
එම වහලය දින දෙකකින් අලුත්වැඩියා කිරීමට සිදුවෙයි. එය බාලදක්ෂයාට අමිහිරි අත්දැකීමක් වනු ඇත. එබැවින් බාලදක්ෂයා කූඩාරම් ඉදි කරන සෑම විටකම ඊට සුදුසු නොතෙමෙන කෘත්‍රීම පියසි රෙද්දක් ප්‍රයෝජනයට ගැනීමට වග බලා ගත යුතුව ඇත.
වැල් ඉණිමගක් හදන්න
කූඩාරම මතට ගොඩවීමට වැල් ඉණිමගක් හෝ ලී ඉණිමගක් සකස් කළ යුතුය. ඒ සඳහා මෙහි දැක්වෙන ගැට භාවිත කළ යුතුය. ඉණිමග සඳහා යොදා ගන්නා ලී දඬු කැබලි ශක්තිමත් බවින් වැඩි විය යුතුය. 

දින පොත