ගිනි මැලේ වළට වැටේ

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 06:11 - {{hitsCtrl.values.hits}}  

මෙහි දැක්වෙන බාලදක්ෂ ගිනි මැලය කඳවුරැ ගිනිමැල සංදර්ශනයක් සඳහා වුවද භාවිත කළ හැකියි. ගිනි අඟුරැ වළ තුළ ඉතිරි වන නිසා ආහාරයක් ග්‍රිල් කිරීම, ජලය උණුසුම් කරගැනීම සඳහා ගිනි මැලය යොදා ගත හැකියි. එවිට එය ක්‍රියාත්මක වෙන්නේ ගිනි අඟුරැ වළක් ලෙසින්ය.
මෙහි දක්වා ඇති රෑප සටහන් හොඳින් නිරීක්ෂණය කරන්න. ගිනි මැලය සකස් කිරීමට පෙර සුදුසු ස්ථානයක් තෝරා ගෙන ඒ තැන අඩි 2 ක විෂ්කම්භයක් ඇති වළක් හාරා ගත යුතුය. එහි ගැඹුර අඩියක් ප්‍රමාණවත්ය. 
ඉන්පසු රෑපයේ පරිදි වළ මැද බොරලු ගල් ඇතිරිල්ලක් යෙදිය යුතුය. තුන්වැනි සහ හතර වැනි අංක සහිත රෑප යේ දැක්වෙන්නේ ගිනි මැලය සඳහා ඉදිකළ වළේ බිත්ති සකසන ආකාරයයි. 
ඒ සඳහා ගඩොල් භාවිත කළ යුතුය. 5 සහ 6 අංක යොදා ඇති රෑපයේ පරිදි පතුරැ සහිත කළුගල් කිහිපයක් වළ වටේ ඇතිරිය යුතුය. එසේ කිරීමෙන් ගිනි වළේ ඉවුර කඩා නොවැටෙයි.

දින පොත