ගෙදර ඉඳන් කඳවුරැ බඳිමු

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 05:11 - {{hitsCtrl.values.hits}}  

ඉතාම කෙටි කාලයක දී නැවතත් බාලදක්ෂ එළිමහන් ක්‍රියාකාරකම් සඳහා අවතීර්ණය වීමට බාලදක්ෂ ඔබට අවස්ථාව උදා වේවි. අන්න එදාට එළිමහනේ කඳවුරකට සහභාගී වෙන ඔබ ඇතුළු බාලදක්ෂ කණ්ඩායම ඉදිකරන &බාලදක්ෂ කඳවුර* මේ අයුරින් ආකෘතියක් ලෙස නිර්මාණය කිරීම අදම පටන් ගන්න. 
එහෙම කරන බාලදක්ෂයින් හට ලැබෙන තවත් වාසියක් තිබෙනවා. ඒ තමයි ආකෘති තනන්නා ප්‍රවීණතා පදක්කමට සූදානම් වී එයද දිනා ගැනීමට අවස්ථාව උදා වීම.
මනසින් දුටු දෙය ආකෘතියක් වෙලා
 මෙහි දැක්වෙන බාලදක්ෂ කඳවුරැ ආකෘතිය නිර්මාණය කළේ භවන්ත කවින්ද අමරසිංහ බාලදක්ෂයායි.
ගත වෙන දිගු නිවාඩුවෙන් පසු සහභාගි වෙන බාලදක්ෂ කඳවුර ඉදිකරන හැටි මනසින් දැක එය ආකෘතියක් බවට පත් කළ බවයි භවන්ත විජය බාලදක්ෂ කඳවුරට ප්‍රකාශ කළේ. 
කඳවුරට ඇතුළු වන කඳවුරැ දොරටුව, මුර අට්ටාලය සහ ලෑලි පාලම සකස් කරන්න බාලදක්ෂ භවන්ත ගොඩක් මහන්සි වෙලා තිබෙනවා. 
ඉතින් විජය බාලදක්ෂ කඳවුර කියවන පාඨක ඔබටත් භවන්තට වගේම &ගෙදර ඉඳන් කඳවුරැ බඳින්න හිතුණොත් ....* ඒ වෙනුවෙන් සකසන කඳවුරැ ආකෘතියේ ඡායාරෑපයක් 0774526262 දුරකථනයට වට්ස් ඇප් කරන්න.

දින පොත