නිවාඩුවේ පුටුවක් හදමු

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 04:00 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂයින් ඇතුළු දරැවන් හට දිගු නිවාඩු කාලයක් ලැබී ඇත. හැම දේකම හොඳ සහ නරක තිබෙන බව බාලදක්ෂ ආදි කර්තෘතුමා ප්‍රකාශ කළා මෙන් උදා වූ මෙම කොරෝනා තත්වයේ දී අපි එහි දැකිය යුත්තේ හොඳ පැතිකඩයි.
 අඳුර අතරින් ආලෝකය සොයා ගනිමින් ඉදිරියට ගමන් කිරීමට බාලදක්ෂයින් අදිටන් කරගත යුතුය. 
සති කිහිපයක නිවාඩුවෙන් පසු විජය බාලදක්ෂ කඳවුර නැවතත් ඔබ අතරට පැමිණෙන්නේ පශ්චාත් ගෝලීයකරණය හමුවේ බාලදක්ෂයාත්, බාලදක්ෂ ව්‍යාපාරයත් රුකගැනීමේ වැඩසටහන් මාලාවකින්ය. නිවාඩුවේ පුටුවක් හදමු” එහි ආරම්භයයි.
මෙහි දැක්වෙන රෑප සටහන් හොඳින් නිරීක්ෂණය කරන්න. ඉවත දමන ලෑලි කැබලි දෙකක්, කොහු මිටි තුනක් හෝ කඩා වැටුණ ගසක අත්තකින් කපා ගත් සමාන දිගින් යුතු ලී කැබලි කිහිපයකින් මෙහි දැක්වෙන බාලදක්ෂ කඳවුරක දී ඉදිකළ හැකි පුටු සාදා ඇත.

ඔබට ලැබෙන අභියෝගය
මෙහි දක්වා ඇති ආකාරයට හෝ ඔබේ ක්‍රමයට කඳවුරැ පුටුවක් නිර්මාණය කළ යුතුය. නිවසේ වටපිටාවෙන් සොයාගන්නා දේ පමණක් ඒ සඳහා යොදා ගත යුතුය. ඔබේ නිර්මාණය පියවරෙන් පියවර විස්තර කරමින් ඉදිරිපත් කළ යුතුය. බාලදක්ෂ නිල ඇඳුමින් සැරසී එය සිදුකළ යුතුය.
 එම අවස්ථාව ඔබගේ මාපියන් සතු ජංගම දුරකථනයකින් වීඩියෝ කර කොටස් වශයෙන් 0774526262 දුරකථනයට වට්ස් ඇප් කළ යුතුය. 
එලෙස ලැබෙන වීඩියෝ පට සංස්කරණය කළ දර්ශන විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාළිකාවෙන් නැරඹීමට බාලදක්ෂ දරැවන් හට අවස්ථාව ඇත.

දින පොත