ප්‍රධාන කොමසාරිස් ධුරය වෙනස් වෙයි !

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 11:14 - {{hitsCtrl.values.hits}}  

පසුගිය දා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ විශාල වෙනසක් ඇති විය. එනම් නව ප්‍රධාන කොමසාරිස්වරයකු පත් වීමය. 
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ තුමන්වන අතිගරැ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් හා නිර්දේශයෙන් යුතුව නව ප්‍රධාන කොමසාරිස් වරයා වශයෙන් මිලින්ද පීරිස් මහතා පත්වීමය.

මිලින්ද පීරිස් මහතා ආදි බාලදක්ෂයෙකි. කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ කීර්තිමත් කැපී පෙනෙන සිසුවෙකු ලෙස ජනාධිපති සම්මානය ලබා ගත් බාලදක්ෂයෙකි.
 මිලින්ද පීරිස් මහතා කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ තනතුර දක්වා පත්වූ තුන්වැන්නා බව නාලන්දා විදුහල් බාලදක්ෂ ආචාර්ය ධර්මලාල් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. 
නැසීගිය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රසේන බටුවන්ගල, හිටපු ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහත්වරැ නාලන්දා විදුහලෙන් පත් වූ අනෙක් ප්‍රධානියෝ වෙති. 
මිලින්ද පීරිස් මහතා මේ වනවිට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස කටයුතු කරයි. එතුමන් මේජර් ජෙනරාල් පදවියෙන් පිදුම් ලැබූ කීර්තිමත් යුධ හමුදා නිලධාරියෙකි. 
ශ්‍රී ලාංකීය බාලදක්ෂ ව්‍යාපාරය තිබෙන තැනින් ඔසවා තැබීමට අවැසි ශක්තිය හා ධෛර්යය එතුමන් හට ලැබේවායි විජය බාලදක්ෂ කඳවුරේ අපි සුබ පතමු.

දින පොත