අලුත් ක්‍රමයට කඳු නගිමු

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 05:45 - {{hitsCtrl.values.hits}}  

කඳු නගින්නන් භාවිත කරන නූතන උපකරණ ප්‍රයෝජනයට ගන්නා ආකාරය ගැන බාලදක්ෂයින් දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම ලිපි මාලාව පළ කෙරේ. කෘත්‍රිම ලණුවකට අට ගැටය, සමනලයා, ඕවර් හෑන්ඩ්, ඔවර් හෑන්ඩ් බයිටය සහ ඔවර් හෑන්ඩ් ස්ටොපරය යොදන ආකාරය අද දැක්වේ. මේ ගැට සහ නැමීම් ඉතා යුහුසුළුව යෙදීමට බාලදක්ෂයන් මැනැවින් පුහුණු විය යුතු ය. 
එම පුහුණුවෙන් පසු ඉදිරි අභ්‍යාස සඳහා යොමු විය හැකිය.

කෘත්‍රිම ලණුවකට අට ගැටය යෙදීම‍
කෘත්‍රිම ලණු දෙකක් සහ එක් ලණුවකින් අට ගැටය යෙදීම පුහුණු වන ආකාරය මෙහි දක්වා ඇත. කැඩී ගිය කෘත්‍රිම ලණු දෙකක් මැනැවින් සන්ධි කිරීමට එක ක්‍රමයක් භාවිත කළ හැකි ය. අටේ ඉලක්කමක හැඩයට ලණුව ගමන් කරන බැවින් ඇදෙන ලණු ගැටය මැනැවින් හිර වෙයි. ගැටය බුරැල් වී සිදු විය හැකි අනතුරැ ඉන් වළකාගත හැකි ය. 
කෘත්‍රිම තනි ලණුවක මැදට අට ගැටය යෙදීමෙන් එතැන පුඩුවක් සැකසෙයි. එම &පුඩුව ලිස්සා නොයයි. මේ ආකාරයේ පුඩු පේළියක් සමාන දුරකින් යෙදීමෙන් &තනි ලණුවේ ඉණිමගක්* සාදා ගත හැකියි. කඳු නැගීමේ දී බොහෝ අවස්ථාවන්හි දී මෙවැනි ආකාරයේ &පුඩුවක්* තනි කඹයකට යෙදීමෙන් ප්‍රයෝජන රුසක් ලබා ගත හැකියි. 

ඕවර් හෑන්ඩ් බයිටය සහ ස්ටොපරය
කඳු නගින්නන්ගේ ශක්තිමත් කෘත්‍රිම කඩ ලිස්සන සුලුය. එම ලණු හා ජලය ස්පර්ශ වූ විට ලිස්සන බව දෙගුණයකින් වැඩි වෙයි. එවැනි අවස්ථාවක කෘත්‍රිම ලණු ප්‍රයෝජනයට ගත යුත්තේ &බයිටය සහ ස්ටොපරය* යෙදීමෙන් පසුවය. ලණුව කෙළවරට &බයිටය* යොදයි. එතැන දී නිර්මාණය වන &පුඩුව* කඳු නගින්නාගේ අතැඟිලිවල මනාව රුඳෙයි. 
කෘත්‍රිම ලණුව මැදින් යොදන්නේ &ස්ටොපරයයි.* ලිස්සා යන කඹයේ තැනින් තැන ගැටිති ඇති කිරීමෙන් ලිස්සා යාම පාලනය වෙයි. මැනැවින් කඹය ග්‍රහණය කර ගැනීමේ අවකාශය කඳු නගින්නාට ලැබේ. මෙය බාලදක්ෂ ගැටවල දී ඔබ ඉගෙන ගන්නා &සරල ගැටයේ* විකාශනය වූ අවස්ථාය.

W1 කළ කෘත්‍රිම ලණු පුඩුව සහ කැරබයිනරය
බාලදක්ෂ ගැට ආශ්‍රිතව ඔබ ඉගෙන ගත යුතු ප්‍රමුඛ ගැටයක් ලෙස &මසුන් මරන්නාගේ ගැටය* හඳුන්වා දිය හැකිය. ලිස්සා යන *කිත්තන් නූල්* එකින් එක යා කරන්නේ &මසුන් මරන්නාගේ ගැටයෙන් ය. 
එහි විකාශනීය අවස්ථාව ද්විත්ව මසුන් මරන්නාගේ ගැටයයි. එය කඳු නගින බාලදක්ෂයාගේ කෘත්‍රිම ලණු  එකින් එක W1 කිරීමට ඉතාම සුදුසුය. මෙහි දැක්වෙන්නේ  %ඕවර් හෑන්ඩ් නැමුම^ ආශ්‍රිතව යොදනු ලබන ද්විත්ව මසුන්මරන්නාගේ ගැටය යොදන ආකාරයයි.
 කෘත්‍රිම ලණුවක කෙළවරට යෙදිය  හැකි &ද්විත්ව නාසික පුඩුව* රෑපයේ දැක්නෙ අයින් කැරබයිනරයට සම්බන්ධ කළ යුතුය.


 

දින පොත