ආගන්තුක ඩ්‍රෝන යානා

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 01:55 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ අලුත් වන දැනුම දිනෙන් දින බාලදක්ෂ ව්‍යාපාරයට එකතු වෙයි. මෙහි දැක්වෙන්නේ ද එවැනි උත්සාහයකි. 

රූප මවන ඩ්‍රෝන යානා

24 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී බාලදක්ෂ කඳවුරක දී සිදුකළ හැකි මෙම ක්‍රියාකාරකම අලුතින්ම හඳුන්වා දෙන ලදී. ඒ සඳහා ඩ්‍රෝන යානා 250 ක් යොදා ගත් බව ජම්බෝරි සංවිධායකයින් ප්‍රකාශ කර සිටී. 
ඇමරිකානු ෆෙයා ෆලයි ඩ්‍රෝන යානා ආයතනයේ නිර්මාතෘ රයන් සිග්මොන්ගේ උපදේශකත්වයෙන් “ආලෝක ලප ඩ්‍රෝන යානා* සංදර්ශනය සංවිධානය කෙරිණ. ඩ්‍රෝන යානාවෙන් නිකුත් වන ආලෝක ධාරා ගුවන් තලයේ විවිධ රටා මවන ලද්දේය.
 විවිධ වූ අක්ෂර රටා, බාලදක්ෂ ලාංඡන, ජම්බෝරි ලාංඡනය, ජම්බෝරි සුරතලා ආදී රෑප ජම්බෝරියට සහභාගි වූ බාලදක්ෂයින්ගේ මතකයේ නිධන් වන බව බාලදක්ෂ ආචාර්යවරැන්ගේ අදහසයි. 
ජම්බෝරි භූමියේ සිට අඩි 900 ත් 400 ත් අතර අවකාශයේ මැවුණු ආලෝක රෑප රටා මවන ලද්දේ නව වැනි වරට බව ඩ්‍රෝන යානා ආලෝක සංදර්ශනය සැලසුම් කළ රයන් සිග්මොන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

රූප මවන ඩ්‍රෝන යානා සංදර්ශන ඉතිහාසය

ප්‍රසිද්ධ ඉන්ටෙල් සමාගම මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය. 2017 වසරේ දී ආරම්භ කළ රෑප මවන ඩ්‍රෝන යානා සංදර්ශන මේ වනවිට අට වතාවක් පවත්වා ඇත.
 ඒ අතුරින් “2018 වින්ටර් ඔලිම්පික්* තරග ආරම්භක උත්සවයේ පැවැත්වූ “ඩ්‍රෝන යානා ආලෝක සංදර්ශනය* කැපී පෙනුණි.

දින පොත