ආසියාවේ ප්‍රථම සීබෝරිය ගැනයි

2024 අප්‍රේල් මස 19 ප.ව. 05:25 - {{hitsCtrl.values.hits}}  

‘සීබෝරිය නම බාලදක්ෂ ඔබට අලුත්ය. එයට හේතුව සීබෝරියක් මින් පෙර ශ්‍රී ලංකාවේ හෝ රටවල් 28 කින් සමන්විත ආසියා පැසිපික් කලාපයේ හෝ පවත්වා නොතිබීමය. එම නිසාම කලාපීය කාර්යාලයේ උපදේශකත්වයෙන් සිංගප්පූරැ බාලදක්ෂ සංගමයේ මෙහෙයවීමෙන් ප්‍රථම සීබෝරිය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. 
දෙසැම්බර් මස 6 සිට 9 දක්වා පැවැත්වීමටත්, කලාපයේ රටවල් 28 බාලදක්ෂයින් සහ ආචාර්යවරැන් හට මෙයට විවෘතව ආරාධනා කර ඇත. ජාත්‍යන්තර කොමසාරිස් වරැ ඒ සඳහා බාලදක්ෂයෝ සූදානම් කිරීම ද අරඹා ඇත.


කලාපීය අධ්‍යක්ෂ වරයාගේ ආරාධනය
ආසියාශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ජේ.ආර්.සී. පන්ගිලිනන් මහතාගේ නිල චක්‍ර ලේඛනයේ සඳහන් වන පරිදි අයදුම් කරන ආකාරය මත බාලදක්ෂයින් හට සහභාගි වීමට ප්‍රමුඛස්ථානය දෙන බව සඳහන් කොට ඇත.
අවම මුදලක් විශාල අායෝජන අවස්ථාවක්
සීබෝරියට සහභාගි වන බාලදක්ෂින් හට මුහුද, ගංගා හා පිහිනුම් තටාක තුළ පුර්ණකාලිනව ක්‍රියාකාරකම්හි නියැළීමට සිදුවනු ඇත. මෙවැනි ක්‍රියාකාරකම් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වූවත් එය සිංගප්පූරැවේ පැවැත්වීමෙන් එම පිරිවැය අවම කර ගැනීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙයි.
 එ බැවින් මෙවැනි ක්‍රියාකාරකමක් සඳහා දරන මුදල බලාදක්ෂයින්ගේ අනාගත දැවැන්ත ආයෝජනයක් සේ සැලකිය යුතු බව වෙන්වා දෙයි.

සීබෝරියේ ක්‍රියාකාරකම් පෙළ ගැස්ම


ආසියාවේ පැවැත්වෙන ප්‍රථම සීබෝරිය සඳහා ඔරැ පැදීම, ඩ්‍රැගන් බෝට්ටු පැදීම, දියයට කිමිදීම, ස්කින්, පිහිනීම, නාවික කටයුතු, රාෆ්ටින්, වෙරළ සංරක්ෂණය, සෙමර් පොර් කොඩි සංඥා, සමුදුරැ සිතියම් අධ්‍යයනය සහ නාවික ප්‍රායෝගික පුහුණුව ලබා දීමට නියමිතය. මේ සඳහා ඉදිරිපත් වීමට කැමති බාලදක්ෂයින් හා බාලදක්ෂ ආචාර්ය වරැන් ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ ජාත්‍යන්තර අංශයට කථා කළ යුතුය.
 කඳවුරැ බිම සුදානම්...
බාලදක්ෂයින් විශාල පිරිසකට ඉඩ කඩ ඇති සිංගප් පූරැවේ සාරිම්බුන් මුහුදු තීරයට යාබද අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන %මෝ ජාලයෙන් බාටර් ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය^ සහ අවට මුහුද සීබෝරියෙහි කඳවුරැ මායිම් ලෙස දක්වා ඇත.
 ඒ අසලට සිංගප්පූරැ බාලදක්ෂ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය පිහිටා ඇති බැවින් සමස්ත කඳවුර සංවිධාන කටයුතු පහසු වී ඇති බව සංවිධායකයින් පෙන්වා දී ඇත. එම නිසා කඳවුරැ කරැවන්ගේ ජීවිතාරක්ෂාව වඩාත් තහවුරැ කරමින් සීබෝරි කටයුතු සැලසුම් කෙරේ. 

දින පොත