කඳවුරු සිතියම කඳවුරට වැදගත් ඇයි ?

2024 අප්‍රේල් මස 17 පෙ.ව. 03:30 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂයින් කඳවුරැ බැඳීමට තෝරා ගන්නේ ඔවුන් හට නුහුරැ නුපුරැදු ප්‍රදේශයන් ය. එම පරිසරය ඔවුන්ට හුරැවන තෙක් අදාළ ප්‍රදේශය හොඳින් නිරීක්ෂණය කොට ගවේෂණය කළ යුතුය.
 පානීය ජලය ලබා ගත හැකි ස්ථාන, ස්නානය කළ යුතු ස්ථාන, ශරීර කෘත්‍ය කළ යුතු ස්ථාන, අනාරක්ෂිත ස්ථාන, සත්ව ප්‍රහාරයට ලක් විය හැකි ස්ථාන කඳවුරැ රෝහල, කඳවුරැ පොලීසිය, දුරකථන පහසුකම්,කූඩාරම් ඉදිකළ හැකි ප්‍රදේශ, ප්‍රධාන මුළුතැන්ගෙය පිහිටි ස්ථානය, කඳවුරේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති ස්ථානය, පුරෝගාමී අභ්‍යාස පැවැත්වෙන ස්ථාන ප්‍රධාන කොඩි කණුව, ප්‍රධාන වේදිකාව, ප්‍රධාන රුලි භූමිය පිහිටි ස්ථාන ආදී තොරතුරැ බාලදක්ෂ කඳවරකට පැමිණෙන බාලදක්ෂයන් කෙටි වේලාවක දී සොයා ගත යුතු ය. 
ඒ සඳහා මාර්ගෝපදේශ ලබා දිය හැකි ප්‍රතිඵලදායක එකම විසඳුම, අදාළ බාලදක්ෂ කඳවුරේ කඳවුරැ සිතියම කාටත් පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනය කිරීමයි. 

කඳවුරු සිතියම නව මුහුණුවරක්
එළැඹෙන ලෝක බාලද්කෂ ජම්බෝරි සංවිධායකයින් ජම්බෝරි භූමියට පැමිණෙන තිස්පන්දහසක බාලද්කසයින් හට කඳවුරැ භූමිය හුරැ කරවීම වෙනුවෙන් නව සංකල්ප කිහිපයක් මෙවර ලෝක ජම්බෝරි භූමියේ දී අත්හදා බලන බව පවසයි. 
ප්‍රධාන කඳවුරැ සිතියමට අමතරව එහි ආකෘතිය ඉස්මතු කරනු ලබන විවිධ නිෂ්පාදන පෙළක් නිර්මාණය කර ඇත. මෙහි දැක්වෙන්නේ එම නිෂ්පාදනයන්හි ඡායාරෑප කිහිපයකි. 
බාලදක්ෂ ඉතිහාසයේ ලෝක බාලදක්ෂ ජම්බෝරියක මින් පෙර නොවූ ආකාරයේ කඳවුරැ සිතියම මේස් කුට්ටමක, කර ලේන්සුවක, අත් පිස්නාවක, ගමන් මල්ලක මුද්‍රණය වීම ඓතිහාසික සිදුවීමක් මෙන් ම එය ලෝක බාලදෂක්යින්ට නව අදහසක් ඇති කළ අවස්ථාවක් වනු ඇතැයි බාලදක්ෂ ආචාර්යවරැ අදහස් දක්වති. 

දින පොත