කඳවුර වැස්සෙන් බේරාගනිමු

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 08:24 - {{hitsCtrl.values.hits}}  

කූඩාරම් ස්ථාපිත කළ අවස්ථාවක හදිසියේ ඇති වන වර්ෂාවකට ඔබ මුහුණ දිය යුතුය. එවැනි අවස්ථාවක ඔබට කළ හැකි ස්ථානෝචිත ප්‍රතික්‍රියාවක් ඇත. 
එය ගල්කිස්ස ශාන්ත තෝමස් බාලදක්ෂයෝ අත්හදා බැලුවෝය. මෙහි දැක්වෙන්නේ ඔවුන්ගේ උත්සාහයයි.
කඳවුරැ භූමියට වැටෙන ජලය එකතු වීමට කඳවුරැ භූමිය මධ්‍යයේ කුඩා වළක් හාරා ඇත. කඳවුරැ භූමියේ තැනින් තැන එකතුවන ජලය ක්‍රමානුකූලව එම වළට ගලා ඒමට කරත්ත රෝදයේ ගරාදා මෙන් කාණු පද්ධතියක් සැකසිය යුතුය. 
කඳවුරේ සුවතාව උදෙසා කටයුතු කරන සේවා බාලදක්ෂයන් වළට එකතුවන ජලය වහා ඉවත් කළ යුතුය. කූඩාරම් තුළට ජලය ඇතුළු වීමේ අවදානමක් පවතී නම් කූඩාරම් ඇතුළට “ලී පැලට්* ඇතිරිය හැකිය. එසේ කරන අයුරැ රෑපයේ දක්වා ඇත.


අවධානයට
දින දෙක තුනක එළිමහනේ දිවි ගෙවීමට සකසන බාලදක්ෂ කඳවුර තුළ රුඳී සිටිමින් පැමිණෙන බාධා ජයගැනීමට බාලදක්ෂයන් උනන්දු කරවීම බාලදක්ෂ ආචාර්යවරයාගේ වගකීමක්ය. 
එමගින් බාලදක්ෂයාගේ අධිෂ්ඨානය බාධක ජයගැනීමේ ආත්ම විශ්වාසයත් ඉහළ යයි. එය එළිමහන් ජීවිතයට මුහුණ දීමෙන්ම අත්විඳිය යුතු බව බාලදක්ෂයින් සිත්හි තබා ගත යුතුය.
 එසේ නොකර තමන් ඉදිකළ කඳවුර වර්ෂාපතනයක දී අතහැර දැමීමට තීරණය කිරීම බාලදක්ෂයින් හට ලබාගත හැකි ජීවන අත්දැකීම් රුසක් හිතාමතාම අහිමි කරගැනීමක් බව බාලදක්ෂයන් වටහා ගත යුතුව ඇත.

දින පොත