කලාපීය බාලදක්ෂ බල ඇණි  පදක්කම් ලොග් පොතට

2024 අප්‍රේල් මස 20 ප.ව. 04:05 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ බල ඇණි බාලදක්ෂ පදක්කම ඇතුළත්ව ආසියා ශාන්තිකර බාලදක්ෂ කලාපයේ රටවල් 24 වෙනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් බල ඇණි පදක්කම් එළිදක්වනු ලැබීය. 
මෙහි දැක්වෙන්නේ එලෙසින් නිර්මාණය කළ පදක්කම්ය. ලෝක ජම්බෝරිය පැවැත්වීම වෙනුවෙන් බාලදක්ෂ ඔබගේ ලොග් සටහන් පොතේ තබන්නා වු සමරැ සටහන අසලින් මෙම රෑපය අලවන්න.

 

 

 

 

 

 

 

 

විවිධත්වයෙන් යුතු බාලදක්ෂ තොප්පි


බාලදක්ෂයෝ නිල ඇඳුමට තොප්පියක් එකතු කරගනිති. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන් ද එසේ කළේය. 
එතුමන් හිස පැලඳි තොප්පිය “බී.පී.හැට්* ලෙස නම්කර ඇත. කෙසේ වුවද ලෝකයේ රටවල බාලදක්ෂයෝ විවිධ හැඩයේ හිස පලඳනා බාලදක්ෂ නිල ඇඳුමට එකතු කරගෙන සිටිති. 
මෙහි දැක්වෙන්නේ එලෙස හිසෙහි පලඳින තොප්පි කිහිපයක්ය.

 

පිබිදෙන පීඩ_
ශ්‍රී ලංකාවේ එළිමහන් බාලදක්ෂ ක්‍රියාකාරකම් සිදුකරනු ලබන අසිරිමත් පීඩ_ බාලදක්ෂ කඳවුර විවිධ හේතූන් මත බාලදක්ෂයින් හට කඳවුරැ බැඳීමට නොහැකි වී වසර කිහිපයක් ගතවිය.
 එහෙත් වත්මන් ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතාගේ උපදෙස් මත පීඩ_ බාලදක්ෂ කඳවුර යළි ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ විය. 
නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් දිනෙන් දින ඒකාලෝක වන පීඩ_ බාලදක්ෂ කඳවුර නැවත බාලදක්ෂයින් වෙතට පවරා දීමේ නිල කඳවුර ඔක්තෝබර් මස හයවෙනි දා පැවැත්වෙයි.
 ඊට සමගාමීව දිසා කොමසාරිස්වරැන්ගේ වාර්ෂික සමුළුව ද පැවැත්වීමට නියමිතය. එම කටයුතු සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් වෙත පීඩ_ බාලදක්ෂ කඳවුර නැවතත් ස්ථාපිත කිරීම වෙනුවෙන් සුවිසල් කැපකිරීමක් කළ මූලස්ථාන කොමසාරිස් ප්‍රියංකර බොතේජු මහතාට විජය බාලදක්ෂ කඳවුරේ සුබ පැතුම් එකතු කරමු.
ඔක්තෝම්බර් හයවෙනි දා පැවැත්වෙන ජාතික බාලදක්ෂ වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරැ ලබා ගැනීමට 0112433131 දුරකථන අංකයට ප්‍රියංකර බොතේජු මහතා ඇමතිය යුතුය.

 

දින පොත