නොමිලේම ජාත්‍යන්තර ජම්බෝරියකට සහභාගි වෙමු

2024 අප්‍රේල් මස 24 ප.ව. 01:08 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරියට සහභාගි වීමට අපේක්ෂා කරන බාලදක්ෂයින් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. එයට සහභාගි වීමට බලාපොරොත්තු වන ඔබ කළ යුත්තේ JOTA JOTI 2019 නිල වෙබ් අඩවියට පිවිස තොරතුරැ ගවේෂණය කිරීමයි. 
වැඩිහිටි බාලදක්ෂයකුගේ උපදෙස් ලබා ගනිමින් ඔබගේ සහ ඔබ අයත් බාලදක්ෂ කණ්ඩායමේ තොරතුරැ නිවැරදිව අදාළ තීරැවේ සඳහන් කිරීමෙන් “ජොටා ජොටී 2019* වැඩසටහනට පහසුවෙන් ලියාපදිංචි විය හැකිය. 
මේ ආකාරයෙන් සෑම වසරකම ජාත්‍යන්තර ජොටා ජොටී වැඩසටහනට රටවල් 170 කින් බාලදක්ෂයෝ මිලියන 2.5 ක් ලියාපදිංචිය තහවුරැ කරති. එසේ ලියාපදිංචි වන සෑම බාලදක්ෂයකුටම ජොටා ජොටී සහතික පත්‍රය ලබා ගැනීමට පුළුවන. 
මෙයට ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින්ගේ ඇති උනන්දුව වැඩි කරවමින් බාලදක්ෂයින් වැඩි දෙනකු මීට සහභාගි කරවීම විජය බාලදක්ෂ කඳවුරේ අපේක්ෂාවයි. ඒ සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගිය වසර 15 ක් තිස්සේ පැවැත්විණ.


JOTA JOTI පවත්වන්නේ කෙසේද ?
බාලදක්ෂයින් හට කිසිදු මුදල් ගෙවීමක් නොකොට නොමිලේම ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියට අත්දැකීමක් වසරක් පාසා ලබා ගත හැකි එකම අවස්ථාව මෙයයි. 
ජාත්‍යන්තර ගුවන් ජම්බෝරිය( JOTA) සඳහා මධ්‍යස්ථානයක් ඔබ විසින් ස්ථානගත කළ යුත්තේ ආධුනික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ශිල්පියකුගේ උපදෙස් මතය. අන්තර්ජාල ජම්බෝරිය සඳහා එසේ කිරීම අනවශ්‍යය. ස්කයිප්, ෆේස්බුක්, ඊමේල් පණිවිඩ හුවමාරැව මේ සඳහා යොදාගත හැකිය. 
ලෝක බාලදක්ෂ මූලස්ථානය මේ සඳහා ඉදිකරන රෑපවාහිනී මධ්‍යස්ථානය සමග ද බාලදක්ෂ ඔබට සම්බන්ධ විය හැකිය. එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින බාලදක්ෂයින් සමග ද කථා කිරීමට පුළුවන. 

ජොටා උපන්නේ කවදාද ?


අන්තර්ජාලය පැමිණීමට පෙර මෝස් සංඥා සමගින් අදහස් හුවමාරැ කළ ජාත්‍යන්තර ගුවන් බාලදක්ෂ ජම්බෝරියට දිගු ඉතිහාසයක් ඇත. බාලදක්ෂ ව්‍යාපාරය ලෝකයට හඳුන්වා දී වසර 50 ක් ගත වීමේ සංවත්සරය යෙදී තිබුණු 1957 වර්ෂයේ දී “ජොටා* උපත ලැබීය. 
එයට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ ආධුනික ගුවන්විදුලි සම්ප්‍රේෂණ ශිල්පි ලෙස්ලි ආර්.මිචෙල් මහතායි. එතුමා ඒ වෙනුවෙන්  “CQ Jamboree 50 Years Scouting* කෘතිය එළිදැක්වීය. 
එතුමා කළ මෙහෙවර වෙනුවෙන් 132 වෙනි ලෝකඩ වෘක සම්මානය පිරිනමමින් ලෝක බාලදක්ෂ මූලස්ථානයේ ඇගයීමට පාත්‍ර කෙරිණ. 
එතුමන් හඳුන්වා දුන් කෙටි නාමය වූවේ “G3BHK* යන්නය. ආධුනික ගුවන්විදුලි සම්ප්‍රේෂක සෑම ශිල්පියෙක්ම තමන් හඳුන්වන කෙටි නමක් යොදා ගැනීම අද දක්වාම සිදු කරයි. එය හඳුන්වනු ලබන්නේ “Call Sing*  ලෙසින්ය.

විජය බාලදක්ෂ කඳවුර සහ ජොටා ජොටී
ශ්‍රී ලංකාවේ ආධුනික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ශිල්පියා විදුලි සංදේශ හා නියාමන කොමිසම නිකුත් කරන බලපත්‍රයක් ලබා ගත යුතුය.ඒ සදහා වසරක් පාසා විභාග දෙපාර්තමේන්තුව විභාගයක් පවත්වයි. 
පසුගිය වසර පහළොවක් තුළ විජය බාලදක්ෂ කඳවුරේ මග පෙන්වීමෙන් බාලදක්ෂ ආධුනික ගුවන් විදුලි ශිල්පීන් පන්සියයක් විභාගය සඳහා ඉදිරිපත් කරන ලදී. ඒ අතරින් සමත් වූ බාලදක්ෂයෝ වර්තමානයේ ආධුනික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ශිල්පීන් බවට පත්ව සිටිති. 
ආදි බාලදක්ෂ මහාචාර්ය ගිහාන් ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත අන්තර්ජාල බාලදක්ෂ ජම්බෝරිය ක්‍රමිකව බාලදක්ෂයින් අතර ප්‍රචලිත විය. 
2019 වසරේ පවත්වන “ජොටා ජොටී* වෙනුවෙන් ඔබගේ බාලදක්ෂ කණ්ඩායම ඉදිරිපත් වීමට කැමති නම් විජය බාලදක්ෂ කඳවුර සමග එක්විය හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ 0774526262 දුරකථනයට ඇමතීම පමණි. 


 

දින පොත