බාලදක්ෂ ක්‍රමයට මූඩි ගලවනයක් හදමු ‍

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 11:31 - {{hitsCtrl.values.hits}}  

එළිමහන් දිවියකට ප්‍රියකරන බාලදක්ෂයින් හට ඔවුන්ගේ දැනුමට අලුත් දේ එකතු කරන විජය බාලදක්ෂ කඳවුර අද ඉදිරිපත් කරනුලබන්නේ ද එවැනිම නව අදහසක් ය. මෙහි දැක්වෙන රෑපයේ ඇත්තේ බාලදක්ෂයකු විසින්ම නිර්මාණය කළ මූඩි ගලවනයක්  ය. ඉවත දමන ලී පටි කැබැල්ලක් සහ යකඩ ඇණයක් ඒ සඳහා භාවිත කර ඇත. 
අඟල් තුනක් දිග කඳ මහත යකඩ ඇණයක් මේ සඳහා තෝරා ගත යුතු ය. ලී පටි කැබැල්ල රෑපයේ දැක්වෙන පරිදි ක්‍රමවත් හැඩයකින් සකස් කළ යුතු ය. ඔබ කැමති නම් එම ලී පටි කැබැල්ල අලංකාර කිරීමට රෑපයක් හෝ තීන්ත වර්ගයක් ආලේපය කළ හැකිය.
 මූඩි ගලවනය සකස් කිරීමේ දී අඟල් තුනක ඇණයේ මුළු දිගින් අඟල් දෙකක ප්‍රමාණයක් ලී පටියට ගිල්විය යුතු ය. ඉන් අනතරැව අංශක 45 ක ආනතිකව යකඩ ඇණය නවා දැමිය යුතු ය. එසේ නමන ලද ඇණයේ හිස කොටස මූඩිය ගැලවීමට පෙර මෙහි දැක්වෙන ආකාරයට ස්ථානගත කළ යුතු ය.

දින පොත