වොගලයේ ඉතිහාසය

2024 අප්‍රේල් මස 24 ප.ව. 07:53 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂයන් ගෙලෙහි පලඳින ත්‍රිකෝණාකාර හැඩැති කර ලේන්සුව සම ද්වි පාදයක හැඩයෙන් යුක්තය. 
කර ලේන්සුව බාලදක්ෂ නිල ඇඳුමේ කැපී පෙනෙන කොටසක්ය. එය නිවැරදිව ගෙලෙහි පැලඳීමට සෑම බාලදක්ෂයකුම පුහුණු විය යුතුය.

කර ලේන්සුව සහ වොගලය
කර ලේන්සුව ගෙලෙහි පැලඳවූ විට එය ඉදිරිපස නිල ඇඳුමේ රුඳවීමට ප්‍රයෝජනයට ගනු ලබන්නේ වොගලයයි. බාලදක්ෂයින්ටම ආවේණික වූ වොගලය බාලදක්ෂ නිල ඇඳුමට පමණක් එකතු කරගැනේ.
බාලදක්ෂ වොගලය


බාලදක්ෂ නිල ඇඳුමට සුදුසු සංකර නොවූ වොගලයක් තෝරා ගත යුතුය. බාලදක්ෂ නිල ඇඳුමට වඩාත් සුදුසු වොගල කිහිපයක් මෙහි දක්වා ඇත. 
ගිල්වෙල් වොගලය
ගිල්වෙල් වොගලය බාලදක්ෂ නායකයෝ ගෙලෙහි පලඳිති. ක්‍රමික බාලදක්ෂ පුහුණුව නිමා කිරීමෙන් පසු බාලදක්ෂ ආචාර්යවරයා වෙත පිරිනමන “ගිල්වෙල් කර ලේන්සුව* සඳහා පමණක් අඳින ගිල්වෙල් වොගලයේ ඉතිහාසය වසර සියයක් තරම් ඈතට දිව යයි.
බී.පී.සහ ගිල්වෙල් වොගලය
බාලදක්ෂ ආචාර්යවරැන් සඳහා පවත්වන ලද ප්‍රථම උසස් බාලදක්ෂ පුහුණු පාඨමාලාව 1919 දී පැවැත්විණ. එහි පැමිණි සියලු දෙනාට “මැක්ලැරන් ටාටන්* රෙදි කැබැල්ලක් ලැබුණි. ඔවුහු එය තම කර ලේන්සුවේ පසුපස එල්ලා ගත්හ. 
එකල නායකයන් කර ලේන්සුව ගෙල මත රුඳවූයේ ගැටයක් යොදමිනි. එයට එතරම් කැමැත්තක් නොදැක්වූ බේඩ්න් පවෙල් සාමි තුමා ඒ සඳහා උපකරණයක් නිර්මාණය කරන ලෙස දන්වා සිටියේය.
දුනු දියෙන් “වොගලය* උපදී.
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමි තුමන්ගේ අදහසක් පරිදි වොගලය නිර්මාණය කළේය. එහි වගකීම පවරන ලද්දේ එංගලන්තයේ ගිල්වෙල් බාලදක්ෂ කඳවුරේ සේවක පිරිස් වෙතය. 
එහි සේවය කළ “බිල් ෂැන්ක්ලි* ලෝකයේ ප්‍රථම බාලදක්ෂ වොගලය නිර්මාණය කළේය. ඒ සඳහා දුනු දියකින් ගලවා ගත් හම් පටියක් යොදා ගත්තේය. දුනු දිය යනු ගින්දර ඇවිලීම සඳහා යොදා ගන්නා වූ බුරැමයක් වැනි උපකරණයක්ය. 
එකල ගිල්වෙල් උද්‍යානයට ගිනි පෙට්ටි රුගෙන ඒම තහනම් කොට තිබුණි. බාලදක්ෂයන් ගිනි අවුලා ගත යුත්තේ කඳවුරෙන් නිකුත් කරන දුනුදිය අනුසාරයෙන්ය. එසේ අබලන් වූ දුනු දියක හම්පටිය ප්‍රයෝජනයට ගෙන නිර්මාණය කළ කර මුදුවට බේඩ්න් පවෙල් සාමි තුමා බොහෝ ප්‍රිය කළේය. එය මෙහි දක්වා ඇත.

ගිල්වෙල් කර මුදුවේ තේරැම
ගිල්වෙල් වොගලයට අපූරැ ඉතිහාසයක් මෙන්ම තේරැමක් ද ඇත. වොගලය නිර්මාණය කරමින් බිල් ෂැන්ක්ලි එය මෙසේ විග්‍රහ කර ඇත.
“මා මේ සඳහා යොදා ගත්තේ ටර්කි හිස ගෙතීමේ ක්‍රමයයි. බැලු බැල්මට එහි ආරම්භයක් සහ අවසානයක් සොයා ගැනීමට අපහසුය. 
මා විශ්වාස කරන පරිදි බාලදක්ෂ ආචාර්ය වරයාගේ යුතුකම, වගකීම සහ වගවීම ද එසේම විය යුතුය. ආදර්ශවත් බාලදක්ෂ ආචාර්යවරයා තමන් වෙත පැවරැණු වගකීම යළි යළිත් ස්මරණය කරන්නේ ගිල්වෙල් කරමුදුව ගෙලෙහි පලඳමින්ය. 

ලොව ප්‍රථම බාලදක්ෂ ගිල්වෙල් කර මුදුව ටස්මේනියාවට 
ටස්මේනියාවේ බාලදක්ෂ උරැමය මධ්‍යස්ථානය පිහිටවා ඇත. බාලදක්ෂ ව්‍යාපාරයේ විවිධ මතක සටහන් එහි සංරක්ෂණය කර ඇත. 
2011 වර්ෂය තෙක් තම පියාණන් සිහිවීම පිණිස තබාගත් ලොව ප්‍රථම බාලදක්ෂ කර මුදුව ලෝක බාලදක්ෂ උරැමයක් සේ සලකා එය ඔස්ට්‍රේලියාවේ ටස්මේනියාවේ බාලදක්ෂ උරැමය මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට රොල්ෆ් ෂැන්ක්ලි කටයුතු කළේය. 
මෙහි දැක්වෙන්නේ එසේ සංරක්ෂණය කළ ලොව ප්‍රථම බාලදක්ෂ කර මුදුවයි.

 

දින පොත