කොළඹ නිවසේ සිට නිවන් පුරය වෙත ලියමි

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 12:02 - {{hitsCtrl.values.hits}}  


අත්තම්මේ,නගරයේ වූ අපේ නිවසට අත්තම්මා පැමිණි විට,
මා තරම් සතුටු වන තවකෙක් නැති තරම් ය.
ගමේ සිට රස අහර ද ,ඔබම මැසූ ඇදුම් ද ගෙනෙන්නේ ආදරයේ සංකේතයක් ලෙස බව මම දනිමි.
ඒ දිනවල ඔබට රස අහර පිසින්නට යැයි මම කරදර කරන සැටි මතකද?
අත්තම්මා තරම් රසට ඉවිය හැකි අනෙකෙක් මෙලොව නැත.
ඔබ සාදන අමු ගස්ලබු මැල්ලුමත් පොළොස් අච්චාරුවත් එතරම් රස වන්නේ ඊට ඔබේ ආදරයද මුසු වන නිසා බව දනිමි.
නින්දට යන්නට පෙර ඔබ මට කියා දුන් කතන්දර තවමත් මතකය.
මල් පුද බුදුන් වදින්නට,ලොකු අයට ගරු කරන්නට ඔබ මට කියා දුන්නා මතකද?
නැවත ඔබ ගමට යන විට,මගේ සිතිවිලි කදුලකට පෙරලුන හැටි මතකද?
ඔබ මෙලොව අතහැර ගිය බව දැන ගත් විට මා තුල හටගත් වියෝව වචන වලට පෙරළිය නොහැක.
මම ඊට කෙතරම් දවස් ඇඩුවාදැයි වත් මට මතක නැත. 
ඉක්මනින් පිලිතුරු ලිපියක් එවන්නේයැයි බලාපොරොත්තු වෙමි.
අත්තම්මේ ඔබට නිවන් සුව!  
මීට 
ඔබේ චූටි දෝණි.

එස්. වින්ද්‍යා රසාංජලී

ශ්‍රේණිය-13, 

කො/ගෝතමී බාලිකා විද්‍යාලය 
කොළඹ

දින පොත