හෙන්රි මුවර්
- 2018-12-03 09:57:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෙන්රි මුවර් 1898 දී එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ කාසල් පෝර්ඩ් නුවර උපත ලැබීය. තරැණ වියට එළඹි මුවර් චිත්‍ර ශිල්පයට විශේෂ කුසලතා දැක්වීය. ඔහු ලෝකඩ මූර්ති නිර්මාණයට වැඩි කුසලතාවක් දැක්වූ ශිල්පියෙකි. ග්‍රීක, රෝම කලාවේ හා පුනරැද යුගයේ පැවති සාම්ප්‍රදායික මූර්ති නිර්මාණ වලින් පසුව නව ආරක මූර්ති කලාවක් ලොවට හඳුන්වා දුන් ශිල්පියා ඔහුයි.
එතෙක් පැවති තාත්වික හැඩ වෙනුවට වියුක්ත හැඩ මූර්ති ශිල්පයට අනුගත කළ ශිල්පියා වශයෙන් මුවර් හැඳින්විය හැකිය. මුවර්ගේ මානව මූර්ති ස්වාභාවික පෙනුමෙන් හා ස්වාභාවික පරිමාණයන්ගෙන් තරමක් දුරස්ය.
උද්‍යාන මූර්ති
ඔහුගේ නිර්මාණ බොහොමයක් උද්‍යාන මූර්ති ය. මානව රෑපවල ශරීර හැඩ ඉතා සරලව නිර්මාණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. මානව රැවේ ශරීරය හිස හා සැසඳීමේදී තරමක් විශාලය. හිස කුඩාවට නිරෑපණය කිරීම මුවර්ගේ කෘතිවල දැකිය හැකි ශීල්පීය ලක්ෂණයකි. ඔහු විසින් නිර්මිත මුල් කාලීන මූර්ති නිර්මාණ වල මිනිස් රැව පැහැදිලි ලෙස දැකිය හැකිය.
පසු කාලීනවල නෙළන ලද මූර්ති ක්‍රමයෙන් සරල වූ හැඩවලට සීමා කර ඇත. හෙන්රි මුවර්ගේ මූර්තිවල මූලික තේමාව වූයේ මානව රෑපයයි. මූර්ති අතර රජ පවුල හා වැතිර සිටින රැව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී. විශාල මූර්ති නිර්මාණය කිරීමේදී භාවිත කරන අමුද්‍රව්‍ය වෙනස් කළ හෙන්රි මුවර් ඒ සඳහා දැව හා ලෝකඩ ආදී ද්‍රව්‍ය ආදේශ කර ගත්තේ ය.
Reply To:
Name - Reply Comment
0 Comments