ඉන්දීය සිනමා තරුවක් නිවී යයි

2024 අප්‍රේල් මස 18 පෙ.ව. 11:20 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාවේ ප්‍රවීණ සිනමා නළුවකු වන ශෂී කපූර් මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි. මිය යන විට ඔහු 79වැනි වියේ පසුවිය. මුම්බායි නුවර කෝකිලාබෙන් ඩිරුබායි අම්බානි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු වසර ගණනාවක් වකුගඩු රෝගයෙන් පීඩා වින්දේය. 70 දශකයේ දී රිදී තිරයේ තරුවක් බවට පත්ව සිටි ශෂි කපූර් ගේ අභාවය වෙනුවෙන් ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් සහ අගමැති නරේන්ද්‍ර මෝදි ශෝක පණිවිඩ නිකුත් කර තිබේ.

1938 මාර්තු 18වැනිදා උපත ලද ඔහු ජනප්‍රිය මෙන්ම ගාම්භීර චරිත නිරූපනයේ දක්ෂයෙක් විය. ඔහුගේ පියා වන ප්‍රීතිවිරාජ් කපූර් මෙන්ම සොයුරු රාජ් කපූර් ඇතුළු පවුලේ ඥාතීන් රැසක් පසුකලෙක ඉන්දීය සිනමා අඹරේ දිදුළන තාරකා බවට පත්විය.

1961 දී ධර්ම්පුත්‍ර චිත්‍රපටයෙන් සිනමා දිවිය ඇරඹූ ශෂී කපූර් 70 හා 80 දශකවල සිනමාපට 116කට පමණ රංගනයෙන් දායක විය. 1975 දී තිරගත වූ දීවාර්, 1978 දී තිරගත වූ සත්‍යම් සිවම් සුන්දරම්, ජූනූන් ආදී චිත්‍රපට රැසක ඔහු කළ රංගනයන් ප්‍රේක්ෂක සිත් සතන්හි සදානුස්මරණීය ලෙස සටහන් විය.

සිය විශිෂ්ට රංග පෞරුෂය හේතුවෙන්ම 2011 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබීමට ශෂී කපූර් සමත්විය.

(ලංකාදීප)

Photograph: Michael Ochs Archives/Getty Images

දින පොත