දෙහිවලට නව සත්ව විශේෂ රැසක් 

2024 අප්‍රේල් මස 16 ප.ව. 02:11 - {{hitsCtrl.values.hits}}  

ඉදිරියේ දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු හා මිලදීගැනීමේ ක්‍රම යටතේ සතුන් රැසක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

ඒ අනුව කැංගරු විශේෂ, චීටා, වඳුරන්, ජිරාෆ් වැනි සත්ව විශේෂ ප්‍රදානයන් ලෙසින් ලබාගැනීමට වෙනත් රටවල් සමග අවශ්‍ය සාකච්ඡා පවත්වා ඇති බවත් සත්ව හුවමාරු ක්‍රමය යටතේ නව සර්ප විශේෂ රැසක් ද ඉදිරියේ දී ලබාගැනීමට නියමිතව ඇති අතර සර්පයන් වෙනුවෙන් බහුලව ඇති සර්ප විශේෂ එම රටවල් වෙත ලබාදීමට කටයුතු කෙරේ.

එමෙන් ම කුරුළු විශේෂ, අශ්ව හා පෝනියන් වැනි සතුන් විදෙස් රටවල්වෙතින් ගෙන්වන ආයතන වෙතින් මිලදීගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

දින පොත