ශ්‍රී ලංකා වෙරළ තීරයට 'නිල් ධජ' අන්තර් ජාතික ප්‍රමිතියක්

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 02:06 - {{hitsCtrl.values.hits}}  

වෙරළ තීරයන් හි ගුණාත්මක බව තහවුරු කිරීමේ අන්තර්ජාතික ප්‍රමිතියක් වශයෙන් සැලකෙන 'නිල් ධජ' සහතිකය ශ්‍රී ලංකා වෙරළ තීරයට ලබාගැනීමේ වැඩපිළිවෙළක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය  මගින් ආරම්භ කර තිබේ.

මෙම සහතිකය නිකුත් කරනු ලබන්නේ ඩෙන්මාර්කයේ පරිසර අධ්‍යාපනය පිළිබඳ පදනම මගිනි. මෙරට සංචාරක කර්මාන්තයට වෙරළ හා සාගරය ආශ්‍රිත ප්‍රදේශ මගින් සියයට 70 ක පමණ දායකත්වයක් ලබාදෙන බැවින් එම කර්මාන්තය ආශ්‍රිත ඉලක්ක සපුරා ගැනීමට නම් පිරිසිඳු වෙරළක් හා සාගරයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බැවින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය ආරක්‍ෂා කරගනිමින් 2020 වස විට සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය ද සපුරා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

වෙරළට සහ සාගරයට එකතුවන අපද්‍රව්‍යවලින් සියයට 90ක්ම ගොඩබිම මිනිස් ක්‍රියාකාරකම් හා කර්මාන්ත හේතුවෙන් ජනනය වන බව අනාවරණය වී ඇති බැවින් එලෙස එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසයි.
 

දින පොත