උඩරට වතුකරයේ ජල උල්පත් සිඳියාමේ අවධානමක

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}  

උඩරට වතුකරයට මාස කීපයක සිට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය නිසා ජල උල්පත්, ජලාශ, ගංගා, වැව් හා දියඇලිවල ජලය අඩුවීමේ අවධානමක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.

උඩරට පිහිටි ප්‍රධාන ජලාශයන් සියල්ලකගේම පාහේ මේ වනවිට ජල මට්ටම් විශාල ලෙස පහත බැස ඇති බවත් ගංගා ඇළ, දොළ වැව්වල හා දියඇලිවල ජල මට්ටම්ද ශීඝ්‍ර ලෙස පහත බැස ඇති බවද පරිසර සංගම් පෙන්වා දෙයි.

උඩරට වතුකරයේ පැවැති ඇතැම් ජල උල්පත් රැසක්ද මේ වනවිට සිඳී හා සිඳීයාමේ අවධානමට ලක්ව ඇති අතර, දියඇළි රැසකද ජල මට්ටම් අඩුව හා ඇතැම් දියඇලි ජලය නොමැතිව සම්පුර්ණයෙන් පාහේ සිඳී ගොස් ඇතැයිද පරිසර සංගම් නියෝජිතයෝ පවසති.

දින පොත