තඹුවා ඇල්ලීම තහනම්

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 04:33 - {{hitsCtrl.values.hits}}  

'තඹුවා නැමැති මීටර් 20ක් පමණ ගැඹුරු මුහුදේ ගල්පර ආශ්‍රිතව වෙසෙන පරිසර හිතකාමී මත්ස්‍ය විශේෂය වද වී යාමේ තර්ජනයට ලක් ව ඇති නිසා ඔවුන් ඇල්ලීම තහනම් කළ බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වනවිට මත්ස්‍ය විශේෂ කිහිපයක් ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.  තඹුවා, කොස්සා, බොරළුවා, ගිරවා වැනි මසුන් තර්ජනයට ලක්ව ඇති බවත්, ඊට ප්‍රධාන හේතුව වැඩුණු මසුන් ඇල්ලීම වෙනුවට ධීවර කාර්මිකයන් විසින් ඉවක්බවක් නැතිව කුඩා මත්ස්‍ය පැටවුන් පවා අල්ලා අලෙවි කිරීම බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.2016060161425881

තඹුවා යනු වසර 12ක් පමණ දීර්ඝ ආයු කාලයක් සහිත, අවුරුදු 05කදී බිත්තර දැමීමට පටන් ගන්නා සෙමින් බෝවන පරිසර හිතකාමී මත්ස්‍ය විශේෂයකි. මෙම මසුන් සමග සහජීවනයෙන් කටයුතු කරන රතු ඉස්සා නැමති මුහුදු ඉස්සන් විශේෂයද තඹුවා විනාශ විමත් සමග වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටී.

දින පොත