බ්‍රසීලයේත් 'ඇත් අතුරු සෙවනක්'

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 03:00 - {{hitsCtrl.values.hits}}  

BBC Sandeshaya - අලිඇතුන් සඳහා ලතින් ඇමෙරිකානු පළමු අභයභූමිය බ්‍රසීලයේ විවෘත විය. මෙහි සර්කස් සංදර්ශන සඳහා යොදා ගන්නා ලද සද්දන්තයන් පනස් දෙනකු පමණ ද අලුතින් අභයභූමියේ රැඳවීමට නියමිතය.

ඇමරිකාව මූලස්ථානය කොට ගත් කණ්ඩායමක් වන 'Global Sanctuary for Elephants' නමැති සත්ව සංවිධානය විසින් අභයභූමියට අයත් අක්කර 2800 ක භූමි ප්‍රදේශය ඇමරිකානු ඩොලර් දස ලක්ෂයකට මිලදී ගෙන අලිඇතුන්ට සෙවන ලබා දීම සඳහා මෙම උද්‍යානය නිර්මාණය කර තිබේ. අදාළ මුදල වසර පහක් තුළ ගෙවා නිම කිරීමට ද නියමිත

හතළිස් විය ඉක්මවූ 'ගුයිඩා' සහ 'මයියා' මෙහි පළමු පදිංචිකරුවෝ වෙති. උද්‍යානය තුළ නේවසික සතුන්ට පශු වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම අලින්ට කැලෑව තුළ නිදැල්ලේ සැරි සරමින් ආහාර බුදීමට අවස්ථාව සලසා තිබේ. අභයභූමිය සංචාරකයන් සඳහා විවෘත නොවේ.

ඡායාරූප-AP

AP (1) AP (2)

දින පොත