රිජිෆෝම් ලන්ච් ෂීට් ෂොපින් බෑග් තහනම්

2024 අප්‍රේල් මස 24 ප.ව. 07:44 - {{hitsCtrl.values.hits}}  

Polyphane bags

සැප්තැම්බර් මස පළමුවැනිදා සිටි ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම අසුරන හා ෂොපින් බෑග් තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබේ.  මයික්‍රෝන 40කට අඩු ඝනකමින් යුත් පොලිතීන් මෙරටට ගෙන්වීම, පාවිච්චිය හා ළඟ තබා ගැනීම තහනම් කිරීමට රජය අපේක්ෂා කරයි. මේ නිසා තුනී පොලිතීන්වලින් සිලිසිලි මලු හා ලන්ච් ෂීට් නිපදවීම තහනම් වේ.

2006දී ගෙන්වූ පොලිතීන් ප්‍රමාණය මෙන් දෙගුණයක් 2016දී මෙරටට ගෙන්වා ඇති තිබේ.  2006 මෙරටට ගෙන්වූ පොලිතින් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 64106කි. 2016දී වසරේ දී මෙරටට පොලිතීන් මෙට්‍රික් ටොන් 113450ක් ගෙන්වා ඇත.

දින පොත