මම ඔරුවක නැගී ගඟ දිගේ ගමන් කළෙමි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 02:02 - {{hitsCtrl.values.hits}}  

මම තාත්තා සමග ගමට ගොස් තොටුපල වෙත ගමන් කළෙමි. සැන්දා කාලය නිසා හිරු අවරදිගේ බැසයමින් තිබුණි. තොටුපළ වෙත පැමිණි අපි ඔරුවට නැග හබල් ගසමින් ගමන ඇරඹුවෙමු. ගඟ මැදට යන විට වතුර කැළතෙන ශබ්දය ඇසී මම බියට පත් වුනෙමි. සීතල මදනල ගත සිත  ප්‍රබෝධමත්  කළ අතර බිය සතුට රැඳි ඒ ගමන මට කිසිදා අමතක නොවනු ඇත.

------------------------------

ආර්. එම් අනුමි සහන්සා දින්සාරි රාජකරුණා

4 ශ්‍රේණිය G,

ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, අනුරාධපුර

දින පොත