වනයක තනිවීම්

2020 ඔක්තෝබර් මස 25 ප.ව. 03:41 - {{hitsCtrl.values.hits}}  

    උදෑසන හිරැ කුමරැන් කඳු මුදුනින් එබී බැලීමට මත්තෙන් මා මිතුරන් සමග බස් රථයට ගොඩ වීමි. පැය කිහිපයකින් අපි අහස්කුස නොපෙනෙන්නට තරම් එකට ගෙතුණු තුරැ වියනක් අසල නතර වුණෙමු. ළමුන්ගේ ශබ්දය හැරැණු විට වෙන කිසි ම හඬක් නොඇසෙන තරම් නිහඬව තිබූ පරිසරය සිල් ගත්තාක් මෙන් විය. අප පැමිණි මේ සිංහරාජ වනය ගැන කතාවක් කරමින් සිටි මගපෙන්වන්නා සමග අපි ඉදිරියට ඇදුනෙමු. රෑස්ස ගස් අතුපතර විහිදා ගනව වැඩී තිබිණි. හදිසියේ ම මම විශාල මුලක පැටලී ඇද වැටුණෙමි. ඒ සමගම හිස ගලක වැදී සිහිසුන් වීමි. මා දෑස් විවර කරන විට කිසිවකු සිටියේ නැත. මම වනයේ හුදකලාව බිම වැතිරී සිටියෙමි. 
    ඉක්මනින් නැගිටගත් මා වනයේ නිහැඬියාව බිඳ දමමින් කෑ ගැසූ අතර කිසිවකු මා බේරා ගැනීමට පැමිණියේ නැත. මම ඉකි බිඳිමින් ඉදිරියට ඇදුනෙමි. එකවර ම මගේ කකුලේ යමක් පැටලෙන බව මට දැනුණි. අභාග්‍යයකි. ඒ සර්පයෙකි. මම  ඌ ගලවා දැමීමට කකුල වේගයෙන් ගසා දැම්මෙමි. එක්වරම අම්මා මට බැණ වදින හඬ ද මට ඇසුණි. මම හැරී බැලුවෙමි. මා දැක ඇත්තේ සිහිනයකි. පාසලේ විනෝද චාරිකාව යාමට අවදීවීමට මා පරක්කු වූ නිසා අම්මා මට බණිමින් සිටියා ය.

තරුෂිකා නෙත්මිණි
9 ශ්‍රේණිය,
මිනු/ජනාධිපති විද්‍යාලය,
මිනුවන්ගොඩ.

දින පොත