වෙල්යායේ අපුර්වත්වය

2020 සැප්තැම්බර් මස 20 පෙ.ව. 07:57 - {{hitsCtrl.values.hits}}  

සීත සුළං සතර දිගින් හමා යන විට ගතට දැනුණේ සැපදායක සුවයකි. ඒ සුවය නිහඬවම රස විඳිමින් මම නියර දිගේ කුඹුක් ගස අසල ඇති ගල උඩට පිය නැගුවෙමි. හොඳින් පැසී නිරහංකාර ලෙස පහතට නැමී තිබූ ගොයම් කරල් සුළඟට වැනුණේ පවනට නැවුම් ගී හඬක් මුසු කරමිනි. ආකාසේ කෙළවර රන් තඹවන් පැහැයක් ගෙන හිරැ නව දවසකට ආශිර්වාද කරමින් බැස යන්නට සැරසෙයි. වක්කඩේ වතුර වැටෙන හඬත් මැඩියන්ගේ බක බක නාදයත් මුළු පරිසරයේ ම නිහැඬියාව බිඳ හෙළුෑවත් එය අපූර්ව මිහිරි හඬක් විය.
පාසල් නිමා වී පැමිණි පසු වෙල් යායට පැමිණීමට මා ප්‍රිය කළේ සැඳෑවේ අපූර්වත්වය විඳිමින් නිදහස් මනසකින් හෙට දින ඇරඹීමට හැකි වන බව මා දන්නා නිසාවෙනි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙළා ගැනීමට සැරසෙද්දී නිදහස් සිතිවිලි දහරත් සමග නැවත නිවසට පිය නැගුවේ කිරිල්ලියක් මෙනි.

අකේෂි දුලංජනී කුමාරි
8 ශ්‍රේණිය,
කෑ/මාව/ බැද්දවල මහා විද්‍යාලය,
කෑගල්ල.

දින පොත