තුරුලිය සෙවණයි සොබා සිරියයි

2024 අප්‍රේල් මස 18 ප.ව. 11:43 - {{hitsCtrl.values.hits}}  

තුරැලිය සොබා දම් මාතාවගෙන් අප ලද මහඟු දායාදයකි. එය මිහිතලය චමත්කාර කරන සෞන්දර්ය කදිම සම්පතකි. අපේ රටේ සදාහරිත වන පියස මුළු රටට ම ආශිර්වාදයක් වෙමින් සිත්කලු දේශගුණික තත්ත්වයක් නිර්මාණය කර ඇත. තුරැලිය ගොමු සිසාරා හමා එන මන්ද මාරැතයෙන් අමුතු ම ප්‍රබෝධයක් ගෙන දෙයි. දැඩි  හිරැ රුසින් මිදී විවේකීව ගිමන් හැරීමට තුරැලිය සෙවණින් ලබා දෙන්නේ නොමඳ සහායකි. විශාල භූමි ප්‍රමාණයක් වසා ගත් වැහි වලාකුළු සිප ගන්නා වනස්පතීන් පරිසරයට ලබා දෙන සුන්දරත්වය අපමණ ය. ඒවායේ වෙළී පැටලී සිටින ලතාවෝ මෙහි අලංකාරය තව තවත් වැඩි කරති.
ශාක සමුදායත් මිනිසාත් අතර ඇත්තේ නොබිඳිය හැකි අපූරැ සබඳතාවකි. මිනිසා විසින් සොබාදහම ජය ගැනීමට උත්සුක වීමත් සමාජය වසා පැතිර ගිය කාර්මිකරණයත් නිසා සොබාදහම මගින් මෙතෙක් ප්‍රදානය කරනු ලැබූ සම්පත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු විය. උපන් දා පටන් මිනිසාට සෙවණ සැදු ගහකොළට මිනිසා මේතරම් කුරිරැ අන්දමින් සලකනුයේ මන්ද? දුක සැප බෙදා ගෙන සහජීවනයෙන් සිටි තුරැලිය කෙරෙහි මෙතරම් අකාරැණික වීම මිනිස්කමට නිගාවකි. අප්‍රමාදව කටයුතු කළහොත් නැවතත් අතීත ශ්‍රී විභූතිය ගොඩ නගා ගැනීම අපහසු නොවේ. ඒ සඳහා අනුපමේය දයාවෙන් තුරැලිය රුකගත යුතු ය. සොබාදහම ජයගැනීමට නොසිතා ඒ හා සහජීවනයෙන් ගත කළ යුතු ය. සෙවණින් සදන සොබා සිරිය මතු පරපුරටත් උරැම කර දීම අප සතු උදාර වගකීමකි.

දහම්ලි නිසස්නා
6 ශ්‍රේණිය,
බප/පිළි/ බෞද්ධ බාලිකා විද්‍යාලය,
ගල්කිස්ස.

දින පොත