පරිසරය රැකගනිමු

2024 අප්‍රේල් මස 20 ප.ව. 03:37 - {{hitsCtrl.values.hits}}  

වර්තමානයේ දී වනාන්තර එළි කරමින් පවතී. ගස් කපා කොටා විනාශ කර දමයි. අනාගතයේ අපට ජල හිඟතාවක් හා ඉඩෝරයක් ඇති වීමට මෙනිසා ඉඩ කඩ ඇත. වර්තමානයේදී මේ පරිසර විනාශය නිසා ඕසෝන් වියන ද සිදුරැ වී අවසන් ය. මෙම සිදුර නැවත සැදීමට නම් තව වසර සියයක් වත් ගත වේයැයි යන්න විද්‍යාඥයන්ගේ මතය යි. පුංචි ඔබත් පැළයක් හෝ සිටුවා මීට සහාය වන්න. ‘එක් ගසක් කපන විට තවත් පැළ සියයක් සිටුවිය යුතු යි‘ යන්න පැරැන්නන්ගේ මතය යි. අද වනවිට ඉදි කර ඇති කොන්ක්‍රිට් වනාන්තරය අපි ස්වාභාවික හරිත වනාන්තර ලෙසඉදි කරමු. වාහනවලින් පිටවන දුමාරය පරිසරයට අහිතකර ය. පරිසරයට පමණක් නොව මිනිසාට ද එය අහිතකර ය.  එනිසා දුමාරය බොහෝ සේ පිටවන වාහන භාවිතයඅවම කරමු. අතීතයේ විසූ ජනයා පරිසරයට ආදරය කළහ. පරිසරය රුක ගත්හ. එහෙත් වර්තමානයේ ජනයා පරිසරය විනාශ කරමින් සිටිති. ඔබ පැළයක් සිටවුවහොත් අනාගතයේ දී මතු පරපුරට එයින් ඵලයක්  ලැබෙනු ඇත. එමනිසා පරිසරයත් රුකගෙන ඔබත් මතු පරම්පරාවත් රුකගන්න.

රනිඳු නිම්සර
7 ශ්‍රේණිය,
තර්ස්ටන් විද්‍යාලය,
කොළඹ 7.

දින පොත