ජෝර්ජ් එඩ්වඩ් ක්ලාසන්

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 03:58 - {{hitsCtrl.values.hits}}  

චිත්‍ර ශිල්පියෙකු, මූර්ති ශිල්පියෙකු හා කවියෙකු වූ ජෝර්ජ් ක්ලාසන් මහතා 43 කණ්ඩායමේ සාමාජිකයෙකි. වර්ෂ 1909 මැයි 5 වැනිදා ශ්‍රී ලංකාවේ ලන්දේසි බර්ගර් පවුලක ජෝර්ජ් ක්ලාසන් උපත ලැබීය. ඉංග්‍රීසීන්ට අයත් වෙළඳ සමාගමක සැලසුම් ශිල්පියෙකු ලෙස ක්ලාසන්ගේ පියා සේවය කර ඇත. තම පියාගේ නිර්මාණ දෙස බලමින් කලාව පිලිබඳ මූලික දැනුම ලබා ගත් බව ජෝර්ජ් ක්ලාසන් පවසයි.
අධ්‍යාපනය
ක්ලාසන් මූලික අධ්‍යාපනය ලැබුවේ වෝල්ෆෙන්ඩල් පල්ලියෙනි. ද්විතියික අධ්‍යාපන කටයුතු සඳහා ශාන්ත ජෝශප් විද්‍යාලයට ඇතුළත් විය. හෙතෙම වර්ෂ 1962 දී ලන්ඩනයේදී තම ප්‍රථම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීය. කලක් ඉංග්‍රීසී සමාගමක සැලසුම් ශිල්පියෙකු ලෙසද, මිනින්දෝරැවෙකු හා ශ්‍රී ලංකා වරායේ, අනුරාධපුර වාරිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙකු ලෙසද තම නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ රුකියා කිහිපයකම නියැළී ඇත. 
කලා ලක්ෂණ
ජෙෆ්රි බීලින්, අයිවන් පීරිස් හා ලයනල් 
වෙන්ට්ඩ් ආදී 43 කණ්ඩායමේ පුරෝගාමී ශිල්පීන් සමඟ හොඳ මිත්‍ර සබඳතාවක් පවත්වාගෙන ගියේය. ක්ලාසන්ගේ මුල් කාලීන සිතුවම්වල නූතනවාදී කලාවේ දක්නට ලැබෙන උපස්ථිතිවාදී  ලක්ෂණ යම් ප්‍රමාණයකට අන්තර්ගත වන බව කලා විචාරකයන්ගේ මතයයි.තෙල් සායම්, දියසායම්, පැස්ටල්, ඇක්‍රලික් හා ඉන්දියානු තීන්ත ආදී මාධ්‍ය ගණනාවක් ඔස්සේ හෙතෙම චිත්‍ර නිර්මාණය කර ඇත.

විද්ධ රෑප
කාන්තාවකගේ හිස
ඩොනල්ඩ් සින්ක්ලේයාර්
යහළුවෙකුගේ විද්ධ රැව
රෝගර් 
ජොහානා
රෝහාන් ඩි සේරම්
සත්ව රෑප
අලියා
පිළිහුඩුවා
මල් කොහා
අශ්වයා
සිංහයා
රයිනෝසිරස් 
වියුක්ත සිතුවම්
Light of the world
Geometric Symbol
Insignia of life
Abstract
Abstract Scroll
Philesophers stone
දළ සටහන්
සාරියක් හැඳ ගත් ස්ත්‍රිය
පසුපසට හැරී සිටින නග්න ස්ත්‍රිය
හිඳගත් පිරිමි රැව
ජපාන සුමෝවරයා
මූර්ති
තාරා දෙවඟන
සංරචන
මෙල්බෝන්හි භෝජනාගාරය
ශල්‍යකර්මය
මව සහ දරැවා
සෙල්ලම් බඩු
භූ දර්ශන
මුහුද අසල පල්ලිය

දින පොත