ජෝර්ජ් පර්සිවල් ස්පෘවල් කීට්

2024 අප්‍රේල් මස 19 ප.ව. 06:59 - {{hitsCtrl.values.hits}}  

ජෝර්ජ් කීට් මහතා ලාංකේය චිත්‍ර ශිල්පීන් අතුරින් විදග්ධ හා පොදුජන රසික සැමගේ මහත් සම්භාවනාවට මෙන්ම ජාත්‍යන්තර කීර්තියටද පත් චිත්‍ර ශිල්පියෙකි. ජෝර්ජ් කීටී 43 කණ්ඩායමේ සිටි චිත්‍ර ශිල්පීන් අතුරින් වඩාත් ප්‍රසිද්ධිය ලැබූ ප්‍රතිභාපූර්ණ කලාකරැවෙකි.

 ජීවන තතු
මේ කලාකරැවා 1901 අප්‍රේල් 17 වැනිදා මහනුවරදී උපත ලැබීය. හෙතෙම මධ්‍යම පාන්තික ඕලන්ද බර්ගර් පවුලකට අයත් වූවෙකි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. කුඩා අවධියේ සිටම මල්වතු මහා විහාරයේ ඇසුරට පත්ව ඇති කීට් බෞද්ධ දර්ශනය කෙරෙහි වැඩි නැඹුරැවක් දැක්වීය. විහාරවාසී පින්නවල ධීරානන්ද හිමියන්ගෙන් සිංහල හා සංස්කෘත භාෂා උගත්තේය. හින්දු ආගම කෙරෙහිද හෙතෙම දැඩි උනන්දුවක් දැක්වීය. කුඩා අවධියේ සිටම කීට් කියවීම, ලිවීම හා චිත්‍ර ඇඳීම කෙරෙහි මහත් ළැදියාවක් දක්වා ඇත.   
ලයනල් වෙන්ට්ඩ්ගේ මඟ පෙන්වීමෙන් කීට් කලා දිවියට එළඹිණි. 43 කණ්ඩායමට එක් වීමත් සමග එහි ශිල්පීන් සමග චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් පවත්වා ප්‍රසිද්ධියට පත්ව ඇත. ඔහුගේ සිතුවම් රුසකට තේමා වී ඇත්තේ සිය ජීවිතයේ ලැබූ අත්දැකීම්ය. කීට්ගේ සිතුවම් වල රේඛා අතිශය ප්‍රාණපූර්ණය.

සිතුවම් කිහිපයක්
බොරුල්ලේ ගෝතමී විහාරයේ බිතු සිතුවම්
උඩරට ස්ත්‍රීන් දෙදෙනෙකුගේ විද්ධ රෑප
නාගේෂ්වරම්
ගෝවින්දම්මා
සාජියා තාල
මුහුද අසල ජීවත්වන දෙමළ වැසියෝ
උඩරට ගැමියෝ
මව හා දරැවා
පින්නවල ධීරානන්ද හිමියන්ගේ විද්ධ රෑපය
මල්වත්ත විහාරයේ පිරිත් සජ්ඣායනය
විවේක ගන්නා ස්ත්‍රීන්
ධම්මචක්කප්පවත්තන සූත්‍රය
පුෂ්පෝපහාරය
උඩවත්ත කැලේ
වික්ටෝරියා මාවත‍
අම්බලම

තොරතුරැ - තොරතුරැ හා ඡායාරෑප - පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යයනාංශයේ ආචාර්ය ඩබ්ලිව්. එම්. පී සුදර්ශන බණ්ඩාර මහතා.

උපේක්ෂා මුණවීර

දින පොත