බලශක්ති සුරක්ෂිතතාවට සුළං බල මෙහෙයුමක්

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 06:13 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සුළං බල මෙහෙයුමක් දියත් කිරීමට විදුලිබල සහ  පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ තීරණය කර තිබේ.
රටතුළ බලශක්ති ස්වයං පෝෂිතතාවය  ළඟා කර ගැනීමේ දිගු කාලීන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීම  රජයේ අරමුණ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය. එහි එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භකළ බව ද ඒ මහතා කීවේය.සුළං බල මෙහෙයුම දියත් කිරීම  අප්‍රේල් මස 06 වැනි දා පෙරවරුවේ හම්බන්තොට බරුතන්කන්දේදී සිදුකෙරීමට නියමිතය .

දින පොත