බියගම ලෝක ළමා දින සැමරුම් උළෙලදා..

2024 අප්‍රේල් මස 16 ප.ව. 05:40 - {{hitsCtrl.values.hits}}  

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතාගේ සංකල්පයක් මත ඇට්ලස් ආයතනය හා එක්ව සංවිධානය කල ලෝක ළමා දින සැමරුම් උළෙල 2020 පසුගිය සිකුරාදා දින එනම් 02 දින දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

එහිදි දුවා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ විනෝදාස්වාදය උදෙසා රූපවාහිනි ළමා වැඩසටහන් ශිල්පී උපුල් මාමාගේ විනෝද වැඩසටහන් මෙන්ම කතුරු ඔන්චිල්ලා, මෙරිගෝ රවුම්, සෙල්ලම් කෝච්චිය, මැජික් සංදර්ශණය, නර්තන ප්‍රසංග මෙන්ම දුවා දරුවන්ට හෙලිකොප්ටර් යානයක ගුවන් සවාරියක්ද ලබා දුන් අතර, චිත්‍ර අඳිමින් ජයග්‍රහණය කරන ලද සිඟිත්තන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමක්ද සිදුකෙරිණ.

මෙම අවස්ථාවට බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල, මැටි, පිත්තල, වේවැල්, ලී ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලීප් විජේසේකර, ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රමුඛ මන්ත්‍රීවරුන් ඇතුලු ආරාධිතයන් රැසක් සහභාගි වුහ.

දින පොත