සෝවියට් දේශයේ මහා සාහිත්‍ය ශ්‍රී ලාංකිකයින්ට දායක කිරීමට කැපවන රුසියාවට පනහයි

2020 අගෝස්තු මස 11 පෙ.ව. 09:32 - {{hitsCtrl.values.hits}}  

                                                                             (තිලක් ඉන්දික සෙනෙවිරත්න)

සෝවියට් රුසියාවත් ලංකාවත් අතර ඇත්තේ නිල වශයෙන් ඇත්තේ රාජතාන්ත්‍රික මිත්‍රත්ව සබඳතාවකි. නමුත් එයට එහා ගියා බැඳීමක් දෙරට අතර පෝෂණය වී තිබේ. ඒ රුසියානු සාහිත්‍යය නිසාය. එයට මග විවර වූයේ සෝව්යන් දේශය සඟරාවයි. එය අපට සෝවියට් සහිත්‍යය සිංහල බසින්ම කියවා දැනගැනීමට දුන් අපූර්ව ත්‍යාගයක් විය. (සෝවියට් දේශය ඉංග්‍රීසි බසින් සෝවියට් යූනියන් බසින්ද , දමිළ බසින් සෝවියට් නාඩු වශයෙන්ද එළිදැක්විණ). රාජ්‍යතාන්ත්‍රික සබඳතාවට එහා ගිය  බැදීම ගොඩනැඟි ඇත්තේ ඒ තුළය.

සෝවියට් දේශයේ දේශපාලනික, සමාජීය ආර්ථික හා සාහිත්‍ය මය කරුණු අපට ලැබෙනුයේ අගනා ත්‍යාගමය මෙවලමක් ලෙසය. වුවත් එයින් බුදධිමය වර්ධනයට මනා දායකත්වය ලැබිණ.  

“සෝවියට් දේශය සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික මධ්‍යස්ථ විදේශීය ප්‍රතිපත්තියක් ඇති වුණේ 1956 දී බලයට පත් වූ බණ්ඩාරනායක ආණ්ඩු කාලයේදී. ඒ අනුව 1957 සෝවියට් දේශය හා ශ්‍රී ලංකාව අතර විදේශ තානාපති සේවාවන් ආරම්භ වීමත් සමඟ සෝවියට් සම්භාව්‍ය සාහිත්‍ය කෘති දේශපාලන පතපොත සමඟ සෝවියට් දේශය සඟරාව භාෂා තුනකින් ලාංකික පාඨකයන් වෙත ලබාගැනීමට හැකි විය. 1957 දී සෝවියට් දේශයට ශ්‍රී ලංකා තානාපතිවරයෙක් ලෙස පත් කළ ආචාර්ය ගුණපාල මලලසේකර මහතා 1960 දී සෝවියට් රජය ශ්‍රී ලංකාවේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට මැදිහත් වූවා. එහිදි දැදිගම වී රුද්රිගු, ඔරුවල බන්දු, රෝහණ විජේවීර, හෙක්ටර් වීරසිංහ වැනි අය ශිෂ්‍යත්ව ලැබූ මුල්ම කණ්ඩායමට අයත් වුනා. මේ කාලයේ සෝවියට දේශය ගැන ලංකාවේ ලොකු පිබිදීමක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1960 දී “සෝවියට් දේශය” සඟරාව පළ කිරීම ආරම්භ වුණා. එයින් ඒ රටේ සාහිත්‍ය, නාට්‍යකලාව, චිත්‍රපට ගැන වගේම ආර්ථික හා දේශපාලනය ගැන, විද්‍යාව හා තාක්ෂණය ගැන අපේ රටේ ජනතාව දැනුවත් වුණා

එපණක් නොව ළමා කළ අප ගුරු ගීතයේ සිටින අල්තීනායි සහ දුයිෂෙන්, හිම කබායේ අකාකි, රත්මිණි වළල්ලේ ෂෙල්ට්කොෆ් හා වේරා කුමරිය අප කියවන්නට හුරු කළා යැයි හිතේ.  එසේ ආසාවක් ඇති වූයේ “සෝවියට් දේශය” සඟරාව නිසයි.. සෝවියට් දේශය සඟරාව කියවූ වැඩිහිටි පරම්පරාව පමණක් නොව “ලස්සන වසිලීස්සා”, “හත්පෙති මල”, “පුදුම අශ්වයා” වැනි සෝවියට් දේශයේ ළමා කතාවලින් අපේ ළමා ලෝකය විචිත්‍රවත් කළහ. එය අදද එසේ වී ඇති බව පොත් ප්‍රදර්ශන වලදි කියවන්න රුදි දෙමාපියන් තාමත් සෝවියට් කතාන්දර ටිකනම් තම දරුවන්ට අරන් දෙන බව දැක ගත හැක්කේ එහි ඇති රසය නොමැකෙන නිසාය. සෝවියට් සාහිත්‍යය පරිශීලනය යාන්තමින් හරි කළ අයකු නිතැතින්ම  ගැඹුරු සාහිත්‍ය පත පොත කියවීමට හුරුවිම සිදු වන්නේ නිරායාසයෙනි.  මෙරට කීර්තිමත් ලේඛකයන්ගේ නිර්මාණ කුසලතාව ඔප මට්ටම් කර ගැනීමටත් උසස් රසවින්දනයකින් හෙබි පාඨක පිරිසක් බිහි කිරීමටත් තෝතැන්නක් වූයේ රුසියානු සාහිත්‍යයයි.

1989 දි සෝවියට් දේශය තුළ සිදූ වූ පරිවර්තනය, පෙරස්ත්‍රොයිකා වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමත් සමඟ එතෙක් සෝවියට් දේශය කරගෙන ගිය සුබසාධන වැඩපිළිවෙළ නතර විය. ඒ නිසාම අප රටට ලැබුණු පොත්පත්, සඟරා සියල්ල නොලැබී ගියේය. ඒ සෝවියට් දේශය යන සමූහාණ්ඩු රජය බිඳ වැටීමත් සමඟිනි. එයට අප රටේ තිබුණු දේශපාලන තත්වයද බෙහෙවින් බලපැවේය. අපූර්ව ආකර්ශනීය හැඩයකින් හා සාරගර්භ ලිපිවලින් අන්තර් ගත වූ සෝවියට් දේශය මුදූණයද අත්හිටුවිය.

එසේ නතර වු අඩුව පිරිමසන්ට නැවත් මෙරට රුසියානු මධ්‍යස්ථානය නැවත උත්සහයක් දැරිය, එහි ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක මෙහෙවීමෙන්, රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකගේ ද උපදෙස් මත රුසියාව සගරාව  නැවත රුසියානු ලැදි පාඨකයින්ට තිළිණ කරන්නට පියවර ගත්හ. රුසියානු මිත්‍රත්ව සංවිධානයේ මහලේකම් වෛද්‍ය සමන් වීරසිංහ, දිලන්ත විතානගේ වැනි රුසියානු අධ්‍යාපනය ලැබූවන් රුසියාව නැවත පාඨකයින්ට තිළිණ කරන්නට වෙහෙස මහන්සි වී මැදිහත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රුසියානු සගරාව නැවත 2006 වසරේදි මල්ඵල ගැන්විණ.

රුසියානු සගරාව සංස්කාරක වන්නේ ප්‍රවීණ ලේඛකයකු වන ව.ග ලාල් සරත් කුමාර මහතා ඔවුන් විසින් තෝරා ගන්නවා. නැවත සගරාව ආරම්භ කිරීම නිසා දැඩු අභියෝගයක්ද වනවා. වසර 50 සපුර්ණ සගරාව අද දකින විට කණ්ඩයමේ අභියෝගය ජයගෙන තබීම නිසා රුසියානු ලැදී පාඨකයින්ට අත්වැසිල්ලකි රුසියාව සඟරාව පළ කිරීම, රුසියානු මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. අනුග්‍රාහක දායකත්වය සැපයෙන්නේ රුසියාව සමග අධ්‍යාපනික සහ වෙළෙඳ සම්බන්ධතා පවත්වන්නන්ගෙනි ඔවුන්ට තුති පිදිය යුතුමය.

රුසියානු සගරාවේ 50 වැනි සමරුම දෙස බලා සිටි මට මෙය සටහන ලියන්න හිතුනේ අපද රුසියානු සාහිත්‍යට ඇල්මක් දක්වන නිසාමය. හත්පෙති මල, වසිලිස්සා තාමත් හිතේ මැවේ.

රුසියාව සංස්කාරක ව.අ. ලාල් සරත් කුමාර 


මට හරි සතුටුයි රුසියාව සගරාවට නිත්‍ය පාසල් පාඨක ප්‍රජාවක් සිටිනවා, රුසියානු මධ්‍යස්ථානයේ නිල පුවත්පතද රුසියානු සගරාවයි, ඒ විතර ක් නොවේ සෝවියට් දේශය සඟරාව කියවීමට පුරුදු වී සිටි පාඨක පිරිස “රුසියාව” සඟරාවට ද නැඹුරුව සිටිනවා. “ඉස්සර සෝවියට් දේශය කියවපු අය අද වැඩිහිටියෝ. ඒ අය මට කතා කරලා කියනවා ඉස්සර තිබුණු සෝවියට් දේශයම කලොත් නරකද කියලා. එත් එදා තිබුණු සෝවියට් දේශයේ දේශපාලනය, ආර්ථිකය, සමාජීය හැමදේම අද වෙනස්වෙලා. එදා සෝවියට් දේශයේ ජනතාව ලෙනින්ට ආදරය කළා,  අද ඒ රටේ ජනතාව පුටින්ට ආදරෙ කරනවා. අපේ රටේ තරුණ පරම්පරාව සෝවියට් දේශය සඟරාව දැකලාවත් නැහැ. ඒ නිසා මේ පරම්පරා දෙකටම ගැළපෙන විදිහට සඟරාවේ කටයුතු සිද්ධ කිරීම මට ලොකු අභියෝගයක් වුණා. මම ඒ අභියෝගය ජයගත්තා, මම රුසියාව සඟරාවේ ලෙනින් ගැනත් කතා කරනවා. පුටින් ගැනත් කතා කරනවා. මම වැඩිහිටි පරම්පරාවත් තරුණ පරම්පරාවත් යා කරන පාලම හැටියට තෝරා ගත්තේ රුසියානු සාහිත්‍යය. අද තරුණ පරම්පරාවත් රුසියානු සාහිත්‍යය වැළඳ ගත් බවත් පෙනෙනවා.” කුඩා දරුවන්ද රුසියානු ළමා කතාවලට දැඩි ඇල්මක් දක්වන බව පොත් අලවිය තුළ පිලිබිඹු වෙනවා.
ඡායාරූප-රුෂීරු තරංග

       

   

H

දින පොත