‘රිද්ම සැරිය‘

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 01:40 - {{hitsCtrl.values.hits}}  

ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ මහල් නිවාසයන් හි ජීවත්වන දූ දරුවන්ගේ කලා හැකියාවන් සමාජගත කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ‘රිද්ම සැරිය’ කලා ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද සවස පැවැත්විණි. 
මෙහිදී දූ දරුවන් ගීත ගායනය , නර්තනය ,රංගනය ඇතුළු විවිද කලා කුසලතා ඉදිරිපත් කළ අතර ඔවුන් දිරිගන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්  ඔවුන්ට ත්‍යාග පිරිනැමිණි.
 අමාත්‍ය  පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය  අමාත්‍ය  ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

       

 

දින පොත