‘5 සමත්‘ ඔබේ සිනමා හලේ දී...

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 10:47 - {{hitsCtrl.values.hits}}  

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රසික සූරවීරආරච්චි විසින් කතාව හා තිර රචනය කරන ලද‘ 5 සමත් ‘ නවතම සිනමා කෘතිය සිනමා හල්වලට මුදාහැරීම ආරම්භ කර තිබේ. බාධක සාධක බවට පත් කර ගත් උත්සහය ජීවිතයේ මාවත කරගත් තම අභිප්‍රාය නවතම සොයාගැනීමක් බවට පත්කරගත් ‘ගමක් එළිය කළ ගමක උපන් දිරිය පුතකු පිළිබඳව අපුර්ව කතාවක් සිනමා පටය තුළ පෙළ ගස්වා තිබේ.

හෙවිලිකන්ද වූ කලී නිලට නිලේ දිළෙන තුරුවැල් වලින් ගහන , දිය ඇළි කඳු වැටි, නොසිඳෙන ජලධාරා, ගල්තලා පිරි ස්භාවික සෞන්දර්යෙන් අනූන මනරම් ගම්මානයක් වටා දුව පනින, තිසුල්, හා සයුති අඹයහළුවන් සමග සමත් ගත කළ අසිරිමත් දිවිය හා 
තමා ඉගෙන ගන්නා පෙළපොතේ ඇති ක්‍රියාකාරකම් අත්හදා බලමින් දැනුම පසුපස සොයා දුවන කුහුලින් පිරිපුන්  අදිටන් දරුවකු තම ජයග්‍රහනය කරා පිය මනින අයුරු මනාවට පෙළ ගස්වා තිබේ. 

ඉන්දික සෙනෙවිරත්න

      

 

 

දින පොත