උණපුළුවන්ගේ සැඟවුන තොරතුරු ගැන දේශනයක් කොළඹ විශ්ව විද්‍යාලයේදී

2024 අප්‍රේල් මස 19 ප.ව. 09:06 - {{hitsCtrl.values.hits}}  

උණපුළුවන්ගේ සැඟවුන තොරතුරු- වත්මන් තත්වය සහ නව උප විශේෂ Secrets of the Slender Loris- Current status and new subspecies මැයෙන් ඉංගිරිසි බසින් ආචාර්ය සමන් ගමගේ මහතා විසින් නොමිලයේ පවත්වනු ලබන දේශනයක්, ජූලි මස 16 වැනි සඳුදා පස්වරු 5.30 ට කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත අංශ ශ‍්‍රවණාගාරයේ (ප‍්‍රධාන ගොඩනැගිල්ලේ උඩුමහලේ දී පැවැත්වේ. මෙම අවස්ථාව සංවිධානය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා ස්වභාව ඉතිහාස සංගමය විසිනි. ආචාර්ය සමන් ගමගේ මහතාට රුහුණු විශ්ව විද්‍යාලයෙන් ”වාසස්ථාන පරිසර විද්‍යාව, වෙනුවෙන් දර්ශනපති කොළඹ විශ්ව විද්‍යාලයෙන්, වර්ගීකරණය සහ පරිසර විද්‍යාව, වෙනුවෙන් දර්ශනශුරී උපාධිය ද ප‍්‍රදානය කෙරිණි. වසර 76 කට පසු කඳුකර උණ පුළුවා නැවත සොයාගැනීමේ සහ ප‍්‍රථම වරට ජයාරූප ගතකිරීමේ ගෞරවය ඔහුට හිමිවේ. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය, වර්ගීකරණය,  පැතිරීම, ගහනය පුනරීක්ෂණය සහ ශ‍්‍රී ලංකාවේ උණ හපුළුවන්ගේ වාසස්ථාන රුචිකත්වය, ගැනවිය. ඔහුගේ පර්යේෂණයෙන් අවම වශයෙන් උණහපුළු විශේෂ 3 ක් සහ උපවිශේෂ කීපයක් ශ‍්‍රී ලංකාවේ වෙසෙන බව හෙලිවිය. ආචාර්ය සමන් ගමගේ මහතා දැනට වළාකුළු වනාන්තරවල කඳුකර උණහපුළුවන් සංරක්ෂණ කිරීමේ වැඩසටහනක නිරතව සිටී.

DrSamanGamage received his M.Phil. in Habitat Ecology and Ph.D. in Taxonomy & Ecology. He re-discovered the montaneloris after 76 years and photographed it for the very first time. His Ph.D. Thesis was on “Revision of taxonomy, distribution, abundance and habitat preference the slender loris in Sri Lanka”. The study concludes that there are at least three Loris species with several new subspecies present in Sri Lanka. Currently he is conducting a project to conserve the highland loris in montane forest areas.

දින පොත