චීනයේ දිනක පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව මිලියන 3 ඉක්මවයි

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 03:44 - {{hitsCtrl.values.hits}}  

චීනය දැනට දිනකට COVID-19 සඳහා කරන පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව මිලියන 3.78 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය මාර්තු මාසයේ සිට සියයට 200 ක වැඩිවීමක් බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂම පවසයි.

චීනය මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 90 ක් ඉක්මවා සිදුකර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ (NHC) නිලධාරියෙකු වන ගුඹ් යැංහෝංග් පැවසීය.

පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන මධ්‍යස්ථාන සංඛ්‍යාව මාර්තු මස මුලදී 2,081 සිට වර්තමාන 4,804 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 131ක වර්ධනයකි.

පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා චීනය තුළ පුහුණුව ලැබූ නිලධාරීන්ගේ සංඛ්‍යාව 360000 ඉක්මවා තිබේ.

දින පොත