නකල්ස් රක්ෂිතයේ හිස් භූමි වල රුක් රෝපණ වැඩසටහනක්

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 04:48 - {{hitsCtrl.values.hits}}  

දුම්බර වන පෙතේ ශාකගහනය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට අධි සංවේදී  ලෝක උරුම නකල්ස් රක්ෂිත භුමියේ වන ගහනය නොමැති හිස් භූමිවල නැවත පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරයි. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුර්ණ අධික්ෂණය හා නිර්දේශ යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය පවසයි. දැනටමත් නකල්ස් රක්ෂිත වනාන්තරය තුළ විවිධ හේතුන් මත විනාශවී මුඩු භූමි බවට පත්ව ඇති හිස් භූමි ප්‍රදේශ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව හදුනාගෙන ඇති බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය මත සිදුකෙරේ. පාසල්, ස්වෙච්ඡා සංවිධාන, රාජ්‍ය ආයතනවලට මෙන්ම කණ්ඩායම් වශයෙන් හෝ කේවල වශයෙන් පරිසර හිතැත්තන්ට මෙම කටයුත්තට දායක විය හැකිය. ඒ සඳහා  dumbaralk@yahoo.com  ඊමේල් ලිපිනය මගින් තොරතුරු ලබාගත හැකි බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියි.

දින පොත