නාමල් උයන 30 සැමරුමට හුස්මක් හිටවමු

2024 අප්‍රේල් මස 17 පෙ.ව. 01:10 - {{hitsCtrl.values.hits}}  

ජාතික නාමල් උයන 30 වෙනි සංවත්සරය වෙනුවෙන් හුස්මක් හිටවමු තේමාව යටතේ දහම් පාසල් සිසු සිසුවියන් ප්‍රමුඛව පැල සිටුවීමේ වැඩසටහනක් ජාතික නාමල් උයනේදි නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණ.
හුස්මක් හිටවමු වැඩසටහන වෙත වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ. සෑම රාජ්‍ය ආයතනයකම, සෑම පුරවැසියෙක්ම නිල්ල පිරුණු රටක් ගොඩ නගන්න පරිසරය රැක ගත යුතු බව වනවාසි රාහුල හිමියන් පෙන්වා දෙති. මාධ්‍ය ආයතන කිහිපයකද අනුස්මරණය වෙනුවෙන් පැළ සිටුවීම සිදු කරණ ලදී.

 
 
දින පොත