වසරේ පුද්ගලයා ලෙස  ‘ටයිම්’ සඟරාව ග්‍රේටා තුන්බර්ග්ව තෝරා ගනී

2024 අප්‍රේල් මස 23 ප.ව. 07:28 - {{hitsCtrl.values.hits}}  

ස්වීඩනයේ දේශගුණික විපර්යාස ක්‍රියාකාරිනයක වන 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග්වසරේ පුද්ගලයා’ ලෙස ලෝ ප්‍රකට ටයිම්’ සඟරාව විසින් තෝරාගනු ලැබ සිටී.

ග්‍රේටා ‘ටයිම්’ සඟරාවේ ‘වසරේ පුද්ගලයා’ ලෙස තේරී පත්වූ ළාබලතම තැනැත්තා ද වේ.  

ඉකුත් සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික ක්‍රියාකාරී සමුළුවේදී කරන ලද කතාව නිසා ග්‍රේටා වෙත ජාත්‍යන්තර අවධානය යොමු විය. දේශගුණික අර්බුද සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවට ග්‍රේටා එහිදි ලෝක නායකයන්ට චෝදනා කළාය. පසුගිය සතියේ පැවැති දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව හෙවත් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවේදීද ඇය ලෝක නායකයන්ට චෝදනා කළාය.

“ග්‍රේටා තුන්බර්ග් පෘථිවිය මුහුණ දෙන විශාලතම ප්‍රශ්නයේ විශාලතම හඬ බවට පත්වෙලා. ඇය අපේ සංස්කෘතියේ පරම්පරා මාරුවේ මූර්තිය බවට පත්වෙලා. වොෂින්ටනයේ තිබෙන කොංග්‍රසයේත් හොංකොං නුවර ශාලාවත් සෑම තැනකමත් එය සිදුවෙනවා” යැයි ‘ටයිම්’ සඟරාවේ ප්‍රධාන කර්තෘ එඞ්වඞ් ෆෙල්සෙන්තල් සඳහන් කළේය.

සෑම වසරකදීම ටයිම් සඟරාව එම වසරේ වඩාත්ම බලපෑමක් කළ පුද්ගලයා තෝරාගනී. එම පුද්ගලයාගේ ඡායාරූපයක් සඟරාවේ මුල් පිටේ එසේත් නැතිනම් කවරයේ පළ කරයි. 

පසුගිය වසරේදී ‘ද ගාඩියන්ස්’ නමැති මාධ්‍යවේදීන් කණ්ඩායමට එලෙස තෝරා ගත්තේය. සිය රාජකාරීවලදී ඔවුහු ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූහ. 2017 වසරේදී ‘ද සයිලන්ස් බ්‍රේකර්ස්’ නමැති කණ්ඩායම් ටයිම් සඟරාවේ කවරයේ පෙනි සිටියේය. එම පිරිස ලිංගික අව හැසිරීම් අනාවරණය කළ පිරිසකි.

පසුගිය වසර ත්‍රිත්වයේදීම ටයිම් සඟරාවේ කවරය සැරසූ කිසිවකු ලෝක නායකයන් නොවීමද විශේෂත්වයකි. 2016 වසරේ දී ටයිම් සඟරාවේ පුද්ගලයා බවට පත්වූයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඊට පෙර වර්ෂයේදී එම අවස්ථාව ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල්ට හිමිවිය. ජනප්‍රිය නොවන එහෙත් කා අතරත් කතාබහට ලක්වූ ඇඩොල්ෆ් හිට්ලර්, අයතොල්ලා කොමේනි සහ ජොශප් ස්ටාලිං යන අය ද ටයිම් සඟරාවේ කවරය සරසා ඇත.

“ අපි එය හඳුන්වන්නේ මේ වසරේ සිදුවීම්වලට හොඳට හෝ නරකට වැඩිම බලපෑමක් කළ පුද්ගලයා ලෙසයි. ඒත් මම ඇත්තටම හිතනවා ‘ටයිම්’ කියන්නේ ලෝකය හැඩ ගැස්සවූ මිනිස්සු සහ අදහස් කියලා. ඒ වගේම වසරේ පුද්ගලයා කියන්නේ ඒ අවුරුද්ද හැඩගැස්සවූ මිනිස්සු කියලා” යැයි මේ සතියේදී ‘සී.එන්.එන්. බිස්නස්’ වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් එඞ්වඞ් ෆෙල්සෙන්තල් පැවැසීය.

සී.එන්.එන්. ඇසුරිනි  

ඡායාරූප ඒ.එෆ්.පී/රොයිටර්ස් 

(FILES) In this file photo taken on September 13, 2019 Swedish environment activist Greta Thunberg speaks at a climate protest outside the White House in Washington, DC. - Greta Thunberg, the Swedish teenager who became the voice of conscience for a generation facing the climate change emergency, was named December 11, 2019 as Time magazine's 2019 Person of the Year. The 16-year-old first made headlines with her solo strike against global warming outside Sweden's parliament in August 2018. “We can't just continue living as if there was no tomorrow, because there is a tomorrow. That is all we are saying,” Thunberg told Time. (Photo by Nicholas Kamm / AFP)

(FILES) In this file photo taken on September 18, 2019 A person holds a sign in support of Swedish environment activist Greta Thunberg (not pictured) as people gather in front of the US Supreme Court (background) to support the children's climate lawsuit against the US, in Washington, DC. - Greta Thunberg, the Swedish teenager who became the voice of conscience for a generation facing the climate change emergency, was named December 11, 2019 as Time magazine's 2019 Person of the Year. The 16-year-old first made headlines with her solo strike against global warming outside Sweden's parliament in August 2018. “We can't just continue living as if there was no tomorrow, because there is a tomorrow. That is all we are saying,” Thunberg told Time. (Photo by Alastair Pike / AFP)
Greta Thunberg at TIME magazine cover as Person of the Year 2019. 

 

දින පොත