කැනඩා අගමැතිගේ බිරිඳටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

2024 අප්‍රේල් මස 19 ප.ව. 11:57 - {{hitsCtrl.values.hits}}  

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ බිරිඳ වන  සොෆී ටෘඩෝ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිල වශයෙන් දැනුම් දුන් අතර මේ හේතුවෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයාද දින 14ක් ස්වයං හුදෙකලාවී නිරෝධායනට ලක්වීමට තීරණය කළ බව කැනඩා රජය නිවේදනය කරයි.

කැනඩා අග්‍රාමාත්‍යවරයාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත් ඔහුගේ සෞඛ්‍ය තත්තවය යහපත් බවත් කැනඩා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

දින පොත