මුහුදු යද්දී ප්ලාස්ටික් බෝතල් ගෙන යෑම තහනම්..!

2024 අප්‍රේල් මස 25 ප.ව. 12:55 - {{hitsCtrl.values.hits}}  

 මසුන් ඇල්ලීම සඳහා දිනපතා මුහුදු යන ධීවර යාත්‍රාවලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 05කට අධික ප්‍රමාණයක් දිනපතා මුහුදට බැහැර කරන බව, ධීවර හා ජලජ සසම්පත් සංවර්ධන අමාත්‍යාංශය ගණනය කර තිබේ. 50,000කට අධික ධීවර යාත්‍රාවලින් ජලය ගෙන යාම සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපදව්‍ය මුහුදට බැහැර කරනු ලබයි. ප්ලාස්ටික් බෝතල් ධීවරයින් විසින් මුහුදට බැහැර කිරීම නිසා මුහුදු පතුලේ තිබෙන කොරල්පර, ජලජ පැළෑටි, මසුන් ඇතුළු විවිධ ජල ජීවී පරිසර පද්ධතියට විශාල වශයෙන් හානි සිදුවේ.

ධීවරයින් මුහුදු යන විට ජලය ගෙන යාම සඳහා භාවිත කරන කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සියලුම ප්ලාස්ටික් ජල බෝතල් මුහුදට ගෙන යාම තහනම් කරන කර තිබේන අතර ජලය ගෙන යාම සඳහා ස්ථීර ජල භාජනයක් භාවිත කරන ලෙස අමාත්‍යාංය ඉල්ලීමක් කරයි. මේ නිසා ධීවර වරායන් වලින් බෝට්ටු පිටව යාමේ දී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

දින පොත