විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා...

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 11:15 - {{hitsCtrl.values.hits}}  

මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ත්‍යාග ප්‍රදානයට අමතරව විදුලි මරණ පිළිබඳ දත්ත විශ්ලේෂණය හා අනතරු අවම කර ගැනීම පිළිබඳව කොමිෂන් සභාවේ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත සපුමාන්න, විදුලි බලය සම්බන්ධ නීතිය හා විදුලි අනතුරු අවම කර ගැනීම පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන පොලිස් අධිකාරි අජිත් රෝහණ, ගෘහාශ්‍රිත විදුලි අනතුරු හා ආරක්ෂා වීම පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයේ මීගමුව ඒකකයේ විදුලි ඉංජිනේරු සුදම් ජයසුන්දර යන මහත්වරු විසින් දේශන ද  විදුලි අතුරු පිළිබඳ විදී නාට්‍යක්ද තුළින් ද  දැනුවත් කරන ලදී. 

මෙහි සියලු විස්තර හා ඡායාරූප විජය පුවත්පතේ 26 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙන අතිරේකයේ පළ කෙරේ 

ඡයාරූප- රුසිරු තරංග
සබැඳි පුවත්
විදුලි අනතුරු වළකිමු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා...

DSC_4169 රු 

දින පොත