ත්‍රිපිටක සංරක්ෂිත පනතක්

2024 අප්‍රේල් මස 18 ප.ව. 09:23 - {{hitsCtrl.values.hits}}  

ත්‍රිපිටක සංරක්ෂිත පනතක් පැනවීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම පනත මගින් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමටද යෝජනා කර ඇත.

එම මණ්ඩලයට උත්තරීතර අනුශාසක කමිටුවක් ලෙස ගෞරවණීය මහනායක හිමිවරුන් හා විද්වතුන් නම් කිරීමටද අපේක්ෂිතය.

මෙම පනත මගින් ථේරවාදී බුදු දහමේ සුරක්ෂිතභාව අපේක්ෂා කෙරේ. ජාතික උරුමයක් ලෙස පිළිගෙන ඇති ථේරවාදී ත්‍රිපිටකය විකෘති කිරීම වැළැක්වීමට විධිවිධාන සැලැස්වීම සඳහා මෙම පනත පැනවේ. ත්‍රිපිටකයේ සඳහන් දෑ කිසිදු අයුරකින් වෙනස් කිරීම, විකෘති කිරීම, විනාශ කිරීම, විනාශ වීමට ඉඩ සැලැස්වීම, අවඥාවට ලක් කිරීම හා අයථා භාවිතය වැළැක්වීම මෙම පනතේ අරමුණු වේ.

මේ සම්බන්ධයෙන් මේ වනවිටත් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට හා ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය. (WMDJBM)

දින පොත