පණ්ඩුල ඇඳගම නික්ම යයි

2024 අප්‍රේල් මස 25 ප.ව. 06:42 - {{hitsCtrl.values.hits}}  

ප්‍රකට විද්වතකු, මානව විද්‍යාඥයකු වූ ආචාර්ය පණ්ඩුල ඇඳගම මහතා අභවප්ප්‍රාත විය. 82 හැවිරිදි වියෙහි වූ ඒ මහතා මානව වංශය ගැන පර්යේෂණ රැසක් කළ මානව විද්‍යාඥයෙකි.

පර්යේෂණ කෘති රැසක් ඒ මහතා රචනා කළ ඇඳගම මහතා  ඕස්ට්‍රේලියාවේ ජේම්ස්කුක් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගත්තේ.

හෙතෙම මෙරට ජාතික චින්තනය නඟා සිටි මහා මෙහෙවරක් කළ විද්වතෙකි.

ඇඳගම මහතා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියගේ ස්වාමිපුරුෂයා විය.

දේහය නුගේගොඩ පාගොඩ පාරේ 07 වැනි පටුමගෙහි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 03.30 ට බැද්දගාන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

දින පොත