පුරාවිද්‍යා ආඥා පනතකට අලුත් කෙටුම්පතක්

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 02:53 - {{hitsCtrl.values.hits}}  


නව පුරාවිද්‍යා ආඥා පනතක් සඳහා වන කෙටුම්පත සකස් කර අද (8) පැවැති පුරාවිද්‍යා උපදේශක සභාවට භාර දුන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.
 
එම කෙටුම්පත පිළිබද අදහස් ලබා දීමට පුරාවිද්‍යා උදේශක සභාවට දින තුනක් කල් දුන් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
 
එම අදහස් ලැබුණු පසු ඉදිරියේ දී බෞද්ධ කටයුතු සදහා වන උපදේශක සභාවට ද ඉදිරිපත් කිරීමෙන් පසු මහජන අදහස් විමසීමට ඉදිරිපත් කරන බව ද මනතුංග මහතා පැවැසීය.
 ඉන් අනතුරුව එය නීතියක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
 මනතුංග මහතා මේ අදහස් පළ කළේ ජාතික උරුම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවැති පුරා විද්‍යාව උපදේශක සභාවෙන් පසු පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි. (විනීතා එම් ගමගේ)

දින පොත