පුවත් : www.wijeya.lk

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් ගොකරැුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ උඩතම්මිට විද්‍යාලය ඒකාබද්ධව ආගමික වැඩසටහන් රැුසක් සංවිධාන කර තිබුණි. විදුහල් දෙකෙහි සිසුන් එක්ව ගොකරැුල්ල උතුරුපව්ව රජමහා විහාරය දක්වා දර්ශනීය මිහිඳු පෙරහැරකින් ගමන් කළ අතර ධර්ම සාකච්ඡුා සහ භක්ති ගීත ආදී අංග රැුසක් මෙම වැඩසටහනට ඇතුළත් විය. ඉහළ දොළොස් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක උතුරු පව්ව රජමහා විහරාධිපති මානපහ [...]

නාහල්ල ශ්‍රී රේවත මහ විදුහලට වසර 85 ක් සපිරීම සහ එහි ආදි කර්තෘන් සිහිපත්කිරීම වෙනුවෙන් පසුගියදා පිරිත් දෙසුමක් සහ පසුදා සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණි. මදුරාවල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරාධිපති පෝරුවදණ්ඬේ සුමන, ලේඛකාධිකාරී මාදන්වල සරණපාල යන හිිමිවරුන් ඇතුළු මහසඟරුවන මේ සඳහා එක්විය. පිරිතට වැඩම කළ මහ සඟරුවනට පිරිත් දෙසුම පැවැත්වීම සඳහා විදුහල්පති බී. ලයනල් [...]

හොරණ ප‍්‍රාදේශීය සාහිත්‍ය උළෙලේ අත්අකුරු කනිෂ්ඨ අංශයේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ හාන්දුපැල්පොල කනිටු විදුහලේ 10 ශ්‍රේණියේ කේ.ඒ. හර්ෂණි සෙව්වන්දි සිසුවිය සමත් විය. ජයග‍්‍රහණයට හිමිකම් ලැබූ හර්ෂණී සෙව්වන්දි සිසුවිය විදුහල්පති සුසන්ත ජයනාල් පෙරේරා මහතා සහ විදුහලේ සිංහල භාෂා ආචාරිනී දමයන්ති ජයසිංහ ගුරු මහත්මිය සමග තම ජයග‍්‍රහණය වෙනුවෙන් සහතික සහ පදක්කම් ලැබීමෙන් අනතුරුව ඡුායාරූපයකට මෙසේ [...]

හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ දුෂ්කර පාසලක් වූ හාන්දුපැල්පොල කනිටු විදුහලේ සිසුන් කොළඹ ජාතික පුස්තකාලය නැරඹීම සඳහා චාරිකාවක පසුගියදා නිරත විය. එහිදී එම සිසුනට, විදුහල් පුස්තකාලය සඳහා ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ව්‍යාප්ති සේවා අංශය මගින් පොත් ප‍්‍රදානයක්ද සිදුකෙරුණි. එම අංශයේ ප‍්‍රධානි වරුණි ගඟබඩආරච්චි මහත්මිය විදුහල් ශිෂ්‍යාවනට පොත් ප‍්‍රදානය සිදුකළ අයුරු ඡුායාරූපයේ වේ. විදුහල්පති සුසන්ත ජයනාල් [...]

සාර්ථක ළමා චිත‍්‍ර මහා ප‍්‍රදර්ශනයක් කොළඹ ජාතික කලා භවනේදී දින දෙකක් පුරා දැකගත හැකිවිය. ළමුන් 21 දෙනකුගේ දස්කම්, හපන්කම් එළිදැක්වුණ මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශනය”රූ රටා” යනුවෙන් නම්කර තිබුණි. ප‍්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලැබුවේ ගොතටුව ඒෂියන් ග‍්‍රැමර් පාසලෙහි කලාකවය මගින්ය. විද්‍යාලයීය චිත‍්‍ර විෂය භාර ගුරු භවතාණන් වන ඉන්දුක රුවන් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් ප‍්‍රදර්ශනය සිදු කෙරිණ. චිත‍්‍ර දැක්ම විදුහල්පතිනි [...]

alt text

වාද්දුව ධම්මානන්ද මහා විද්‍යාලීය නිවාසාන්තර මළල ක‍්‍රීඩා තරඟාවලියේදී ගැමුණු, විජය හා පරාක‍්‍රම යන නිවාස තුනෙන්, සමස්ථ ශූරතාවය ලකුණු 511 ක් රැුස් කල විජය නිවාසය විසින් දිනා ගන්නා ලද අතර, අනුශූරතාවය දිනාගත් පරාක‍්‍රම නිවාසය ලබා ගත් මුළු ලකුණූ සංඛ්‍යාව 412 ක් විය. ඡුායා රූපයෙන් දැක්වෙන්නේ ජයග‍්‍රාහී විජය නිවාසයේ නිවාස නායක ඉසුරු ලක්මාල් සහ නිවාස නායිකා තිළණි [...]

alt text

රුපියල් ලක්ෂ 80 ක වියදමින් මොළගොඩ ප‍්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද රැුස්වීම් ශාලාවක් සහිත නව පන්ති කාමර ගොඩනැගිල්ල සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. එම උත්සවයට මහ ඇමතිවරයා සහභාගී වූයේ පාසලට අවශ්‍ය ක‍්‍රීඩා උපකරණ තොගයක්ද රැගෙනය. (රඹුක්කන කරුණාරත්න අතුකෝරාල)

alt text

මිල්ලනිය ප‍්‍රාදේශිය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ, හල්තොට ලෙනවර ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශාධිපති, හෝමාගම මාගම්මන ශ්‍රී ශෛලපර්වතාරාමාධිපති, අචාර්්‍ය මාගම්මන පක්‍ඳ්ක්‍ඳානන්ද නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. දහම් පාසලේ එක් එක් ශ්‍රේණිවල සාමාර්ථ ලැබූ සිසුනට ත්‍යාග ප‍්‍රදානය මෙම අවස්ථාවට එක්වූ ආරාධිතයන් අතින් සිදුවිය. සිසුනගේ නැටුම්, [...]

alt text

රුවන්වැල්ල ඉඹුලාන ශ්‍රී සේන මහ විදුහලට වසර සියයක් සම්පූර්ණවීම නිමිති කොටගෙන සියක් නමක් මහ සඟරුවන විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් සිදුකොට මියගිය විදුහලේ ආදී කර්තෘවරුන්ට සහ හිටපු ගුරු දෙගුරුන්ට පිං පැමිණවීමට කටයුතු සිදුකෙරිණි. ප‍්‍රදේශවාසීන්, දෙමාපියන්, ගුරුවරුන් හා සිසු දරු දැරියන් එක්ව විදුහල්පති සුනිල් කරුණාතිලක මහතාගේ උපදෙස් මත මෙම පිංකම සිදුකලහ. විදුහලේ ආදී කර්තෘවරයා වූ එස්.කේ. සිරිසේන මහතාගේ [...]

alt text

දෑ අභිමානය ලොවට විදාහල අපරාජිත සීතාවක යුගය හා සබැඳි සීතාවක අභිමන 2012 ප‍්‍රදර්ශණය හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහලේ දී පැවැත්විණි. අවිස්සාවේල්ල හොනිටන් ප‍්‍රදේශයේ සීතාවක උරුමය පදනම හා එක්ව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම ප‍්‍රදර්ශණය හා උත්සවය සංවිධානය කර තිබිණ. සීතාවක, අවිස්සාවේල්ල, පුවක්පිටිය, කොස්ගම, කළුඅග්ගල, හංවැල්ල, පාදුක්ක [...]

Page 2 of 3123