උදෑසන අසිරිය

2024 අප්‍රේල් මස 19 ප.ව. 05:29 - {{hitsCtrl.values.hits}}  

 
කීචි බීචි හඬ දසතම පැතිරෙන
පින්බර උදයක ආසිරි ගෙනදෙන
පිනිබිඳු හිරැ රුස් මල් මත තැවරෙන
උදාවේවි තව උදයක් අද දින
 
කොකුන් රූන සේ පාසල වෙත යන
ළමයින් රූනකි මහ පාරේ යන
බලන්න වටිනා දසුනක් මනහර
පේළියෙ සිටගෙන පාසල වෙත යන
 
හිරැ එළි පොළොවට පතිත වුණා
කුරැලු රූන් ටික පියඹා ගියා
අනාගතයේදී ලෝකය දිනනා
ළමයින් කැල åපාසලට ගියා
 
ඉෂිනි අමෝද්‍යා
7 ශ්‍රේණිය,
ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, හෝකන්දර දකුණ. 
දින පොත